ඉතිහාසයේ පළමු වරට කටුගස්තොට රාහුල විද්‍යාලය රන් සහ රිදී පදක්කම් දිනයි

38

සමස්ත ලංකා ජාතික පාසල් බොක්සිං තරගාවලිය

සමස්ත ලංකා ජාතික පාසල් බොක්සිං තරගාවලිය සඳහා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වූ ජී.ජී.එස්. උපේන්ද්‍රි ක්‍රීඩිකාව රන් පදක්කමක් ද ජී. කේ. එස්. වීරරත්න ක්‍රීඩිකාව රිදී පදක්කමක් ද දිනාගෙන තිබේ.

මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිවෙළින් කිලෝ ග්‍රෑම් 48 හා 52 නියෝජනය කරමින් තරගාවලිය සඳහා ඉදිරිපත්ව ඇත.

වසර 135 ක ඉතිහාසය තුළ කටුගස්තොට රාහුල විද්‍යාලීය ක්‍රීඩිකාවන් සමස්ත ලංකා ජාතික බොක්සිං තරගාවලියේ දී රන් හා රිදී පදක්කම් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

රාහුල විද්‍යාලයේ ආදි සිසුවකු වන අමිල ප්‍රසාද් මෙම ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

රන් පදක්කම දිනූ උපේන්ද්‍රි සහ රිදී පදක්කමක් දිනූ වීරරත්න සිසුවියන්

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment