රටට සහ ජනතාවට යහපත සැලසෙන අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අය වැය ඉදිරිපත් කිරීමට ප‍්‍රථම පෙරේදා (30) මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ මුදල් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ කීය.
යුදගනව් විදුලි බලාගාරය ඇමරිකානු ෆෝට‍්‍රස් එනර්ජි සමාගමට පැවරීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් පැවැත් වූ සාකච්ඡාව සම්බන්ධව මෙතෙක් කල්පනා කර නැතැයිද බැසිල් රාජපක්ෂ මහතා කීය.
චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය මගින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම සම්බන්ධව තමන්ට මෙතෙක් දන්වා නොමැති බවද මුදල් ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු කොවිඞ් වසංගතය හමුවේ පැන නැගී තිබෙන අභියෝග සහ ඒවාට මුහුණ දෙමින් රට සංවර්ධනය කරා මෙහෙයවීමට ඇති සැළසුම් සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කරනු ලැබීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
සමන්ති වීරසේකර