ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්

476

ඉදිරි පැය 24 තුළ තද සුළං ඇතිවීම සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන අතර දිවයිනට වටා මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන්නැයි දැනුම්දී ඇත.

එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් අතර වැඩි වෙන බවත් මුහුද ඉතා රළු වෙන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවික හා ධීවරයන්ට දැනුම්දී ඇති අතර කල්පිටිය සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 -හෝ 3.5 දක්වා ඉහළ යනු ඇතැයිද එම නිවේදනයෙන් පැවසේ.
ඊට අමතරව කල්පිටිය සිට කොළඹල ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.


advertistmentadvertistment