ඉන්දසාර හිමියන් උපන් දිනය සමරමින් අක්කර 10ක වී අස්වැන්න දමිළ හා මුස්ලිම් අසරණ පවුල් 500ක් වෙනුවෙන් පරිත්‍යාග කරයි

859

ඇඹිලිපිටිය හි`ගුරආර ශ්‍රී මහා බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිකාරි රන්නේ ඉන්දසාර හිමියන්ගේ 34 වන උපන් දිනය සමරමින් අක්කර 10 ක යලේ වී අස්වැන්න රක්වානේ වතුකරයේ පදිංචි දමිළ හා මුස්ලිම් අසරණ පවුල් 500 ක් වෙනුවෙන් සිය කැමැත්තෙන් ඉකුත්දා පරිත්‍යාග කරනු ලැබූහ.

උන් වහන්සේගේ උපන් ගම වන රන්න ප‍්‍රදේශයේ අක්කර 10 ක වගා කරන ලද වී අස්වැන්න මෙසේ ක`දුකරයේ දමිළ ජනතාවට පරිත්‍යාග කෙරිණ. ඇඹිලිපිටිය, දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ උපදෙස් පරිදි ඉහත වී අස්වැන්න පරිත්‍යාග කිරීම රක්වාන රබර්වත්ත ශාන්ති දමිළ නිවහන අසලදී ඉකුත් දින සිදු කෙරිණ. එයට සමගාමීව ඇඹිලිපිටිය මූලික රෝහලේ එදින උපන් බිළි`දුන් සඳහා අත්‍යාවශ්‍යය උපකරණ කට්ටල සහ භාණ්ඩද පරිත්‍යාග කිරීම ද සිදුවිය. මෙම අවස්ථාවට රක්වාන මුහියදින් ජුම්මා පල්ලියේ ප‍්‍රධාන මව්ලවිතුමාද, ශාන්ති නිවහනේ පාලක මණ්ඩලයේ සභාපති වූ ජවුෆර් සාදික් මහතාද එක්ව සිටියහ. පින්තූරයෙන් දැක්වෙන්නේ ඉන්දසාර හිමියන්හට මව්ලවිතුමා විසින් ත්‍යාගයක් පිරිනමන අයුරුයි.

ඇඹිලිපිටිය – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment