ඉන්දියන් සාගරය රකින මූලස්ථානය ශ්‍රී ලංකාවට

312

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.

මොරිසස් දිවයිනේ පැවැති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේ දී මෙම තීරණයට එළැඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශය ද මෙහිදී එළි දක්වා ඇත.

ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල්වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝ ද මෙම සමුළුවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සමුළුව ඊට එකඟතාවය පළ කර ඇත. මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත අතර අනතුරුව එය ස්ථිර ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීමට නියමිතව පවතියි.

චමින්ද සිල්වා


advertistmentadvertistment