ඉන්දියාවෙන් තෙල් ගන්න ණය ගිවිසුමට අත්සන් තබයි

104

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ශී‍්‍ර ලංකා රජයට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50 ක ණය සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (02 දා) සවස කොළඹදී සිදුවිය.

 ඉන්දීය අපනයන ආනයන බැංකුව මගින් ණය මුදල ලබාදේ. මෙම ගිවිසුම සඳහා ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අත්සන් තැබූ අතර ඉන්දීය රජය වෙනුවෙන් එරට අපනයන ආනයන බැංකුවේ ප‍්‍රධාන සාමාන්‍යාධිකාරී ගෞරව් බන්ධාරි මහතා අත්සන් තැබීය.

 මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment