ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්… ලෝකේෂ් රාහුල්ගෙන් ශතකයක්

380

සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (13 දා) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 346 ක් රැුස්කර ගෙන සිටියේය.

 පළමු දිනය (12 වැනිදා) නිමා වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 276 ක් රැුස්කර ගෙන සිටි අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලකුණු 129 ක් ලබාගත් අතර රෝහිත් ෂර්මා ලකුණු 83 කට දැවී ගියේය.

 කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජෝ රූට්ගේ ආරාධනයෙන් පිතිහරඹයට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

 චේටේෂ්වර් පුජාරා ලකුණු 09 කට දැවී ගිය අතර නායක විරාට් කොලි ලකුණු 42 ක් රැුස්කරගෙන සිටියදී රොබින්සන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. අද (14 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.


advertistmentadvertistment