දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් හට ගෙන ඇති දරුණු ජල ගැලීම්වලින් ඊයේ (25දා) වන විට පුද්ගලයන් 136 දෙනකු මිය ගොස් තිබූ අතර තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වී තිබිණි. මෙම ජල ගැලීම්වලින් දැඩි ලෙස හානියට පත්ව ඇත්තේ මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය හා ගෝවා ප්‍රාන්තයයි. ජල ගැලීම්වලින් මිය ගොස් ඇති 136 දෙනාම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වැසියන් වන අතර මේ වන විට හානියට පත්ව ඇති ප්‍රදේශවලින් පුද්ගලයන් දස දහස් ගණනක් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රැුඳවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
ඉන්දියාවේ මෝසම් වර්ෂාව සෑම වසරකම ජුනි සිට සැප්තැමබර් දක්වා කාලය තුළ ඇදහැලෙන අතර දේශගුණික විපර්යාසය හේතුවෙන් මෙම වසරේ එය වෙනත් වසරවලට වඩා දරුණු ප්‍රතිවිපාක ඇති කර තිබෙන බව විද්‍යාඥයෝ පවසති.