ඉන්දියාවේ ඇසැම් සහ මිසෝරාම් දේශසීමාවේ ඇතිවූ ගැටුම් වලදී පොලිස් භටයන් 6ක් සහ සිවිල් වැසියෙක් මරුමුවට පත්වූ අතර 70 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.
ඇසැම් මහ ඇමැති නිමන්තා බිස්වා පැවසුවේ මිසෝරාම් කලහකාරීන් පොලිසියට වෙඩිතබා ඇති බවයි. එහෙත් මිසෝරාම් ස්වදේශ කටයුතු ඇමැති ලාල් චම්ලියන් සඳහන් කළේ ඇසැම් පොලිසිය මිසෝරාම් ප‍්‍රදේශයක් ඔවුන්ගේ පාලනයට ගෙන ඇති බවයි. ඇසැම් ප‍්‍රාන්තය බි ජේ පී පක්‍ෂය පාලනය කරන අතර මිසෝරාම් ප‍්‍රාන්තය පාලනය කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානයයි.
|