ඉන්දියාවේ කොරෝනා සුව වූවන් අතර දියවැඩියාව සුනාමියක් සේ පැතිරීමේ අවදානමක්

415

ඉන්දියාවේ පැතිර යන වත්මන් කොරෝනා වසංගත රැුල්ල අවසන් වූ පසු කොරෝනා ආසාදනයට ගොදුරු වී සුවය ලැබූ විශාල පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව ඉන්දීය කායික විශේෂඥ වෛද්‍යවරු පවසති. වත්මන් කොරෝනා වසංගත රැල්ල අවසන් වූ පසු කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් අතර දියවැඩියාව සුනාමියක් සේ පැතිර යෑමේ තර්ජනයක් මතුව ඇති බව ඉන්දියාවේ මුම්බායි නගරයේ සිටින දියවැඩියා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය රාහුල් බැක්සි පවසයි.

ඉන්දියාවේ කොරෝනා සුව වූවන් අතර දියවැඩියාව සුනාමියක් සේ පැතිරීමේ අවදානමක්

වෛද්‍ය බැක්සිට අනුව ඔහුගෙන් ප‍්‍රතිකාර ලබා ගත් මුලදී කිසිදු දියවැඩියා රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ කොරෝනා ආසාදනයට ගොදුරු වූ රෝගීන්ගෙන් සියයට 8-10 අතර සංඛ්‍යාවකගේ රුධිරගත සීනි මට්ටම ආසාදනය සුව වී මාස කිහිපයකට පසු අධික ලෙස ඉහළ ගොස් ඇත. තම රෝගීන් වන ඇතැම් සුව වූ කොරෝනා ආසාදිතයන්ට දියවැඩියාව සැදෙන තත්ත්වයක් පවතින අතර තවත් සුව වූ ආසාදිතයන් බොහොමයක් දියවැඩියා රෝගය සඳහා වසරක පමණ කාලයක් මුළුල්ලේ බෙහෙත් ලබා ගන්නා බව ඔහු සඳහන් කර තිබේ. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදනයට ප‍්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ස්ටෙරොයිඞ් බෙහෙත් වර්ග බවට වෛද්‍යවරු සැක පළ කරති. ඉන්දියාවේ සෑම 6 දෙනෙකුගෙන් 1 අයෙකුම දැනටමත් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment