ඉන්දියාවේ ප්රථම ජනාධිපතිනිය ලෙස එරට ගෝත්රික කාන්තාවක් වන ද්රවුපදි මුර්මු පෙරේදා (21දා) තේරී පත් වූවාය. ඉන්දීය පාර්ලිමේන්තුව වන ‘ලෝක් සභා’ රාජ්ය සභා හා ප්රාන්ත සභා සාමාජිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබන නාම මාත්ර විධායක තනතුරක් වන ඉන්දීය ජනාධිපති ධුරයට කාන්තාවක් පත් වූ ප්රථම අවස්ථාව මෙය වන අතර 64 හැවිරිදි වියෙහි පසුවන නව ජනාධිපතිනි මුර්මු ඉන්දියාවේ ජනපති ධුරයට පත් 15 වැනියා වේ.
ජර්කාන්ඩ් ප්රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇති නව ජනපතිනිය එම ධුරයට පත් ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු උපත ලැබූ ප්රථම තැනැත්තාද වේ. ඇය විසින් ජනපති තේරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ප්රකාශිත ඡන්දවලින් සියයට 64.03ක් ලබාගෙන තිබිණි. ඇයගේ ජයග්රහණයත් සමගම ඇය උපත ලැබූ ඔඩිෂා ප්රාන්තයේ ‘රයිරන්ග්පුර්’ ප්රදේශයේ ජනතාව ප්රීති ඝෝෂා නගමින් ජය සැමරූ බව වාර්තා වී තිබේ.
සංස්කරණය-
ඒමන්ති මාරඹේ