ඉන්දියාවේ තුන්වැනි කොරෝනා රැල්ල සැප්තැම්බර් – ඔක්තෝබර් – විශේෂඥ කමිටුව අනතුරු අඟවයි

556

ඉන්දියාවේ තුන්වැනි කොරෝනා කොරෝනා වසංගත රැල්ල ලබන සැප්තැම්බර් – ඔක්තෝබර් අතර කාලසීමාවේ ඕනෑම අවස්ථාවක පැමිණිය හැකි බව ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ විශේෂඥ කමිටුව අනතුරු අඟවා තිබේ. මෙම වසංගත රැුල්ල පැමිණීම නියත වශයෙන්ම සිදු වන නිසා ඉන් ඇති විය හැකි හානිය අවම කිරීම සඳහා රටේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කළ යුතු බව එම කමිටුව බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

 විශේෂඥ කමිටුවට අනුව මෙම තුන්වැනි කොරෝනා රැල්ලේ බලපෑම වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන්ටද එකසේ බලපානු ඇත. කමිටුව විසින් නිකුත් කර ඇති වාර්තාව අගමැති කාර්යාලය වෙත ලබා දී ඇති අතර එයට අනුව තුන්වැනි කොරෝනා රැුල්ලෙන් විශාල ළමුන් පිරිසකට කොරෝනා ආසාදනය වැළඳුනහොත් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන වෛද්‍යවරු හා වෙන්ටිලේටර් වැනි උපකරණ පහසුකම්වල හිඟයක් ඉන්දීය රෝහල්වල පවතී. දැනට ඉන්දියාවේ ජනගහනයෙන් කොරෝනා එන්නත් මාත‍්‍රාවන් සම්පූර්ණයෙන් ලබා ගෙන ඇත්තේ සියයට 7.6ක් බවද එම වාර්තාවේ දැක්වේ.


advertistmentadvertistment