ඉන්දියාවේ මුම්බායිහි දැන්වීම් පුවරුවක් කඩාවැටී 14 දෙනෙක් මියයති

105

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩාවැටීමෙන් පුද්ගලයන් 14 දෙනකු මියගොස් තිබේ.

මුම්බායි නගරය හරහා හමාගිය තද සුළං තත්ත්වය නිසා මෙම දැන්වීම් පුවරුව කඩාවැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී තවත් පුද්ගලයන් 60කට තුවාල සිදුවී තිබේ.

ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙසේ කඩාවැටී ඇති අතර, එහිදී වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුවී තිබේ.

අදාළ දැන්වීම් පුවරුව නීත්‍යනුකූල අවසරයක් ලබාගෙන සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස මහාමාර්ග අමාත්‍යවරයා නියෝග කර ඇත.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment