ඉන්දියාවේ රෝහල් සහ ගුවන් තොටුපල රැසකට බෝම්බ තර්ජන

327

ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහල් 50 කට අධික සංඛ්‍යාවකට හා ඉන්දියාව පුරා පිහිටි ගුවන් තොටුපොළවල් 41 කට අද උදෑසනින් අවසන් වු පැය 24 ක කාලය තුළදී විද්‍යුත් තැපෑල (ඊ මේල්) හරහා බෝම්බ තර්ජන ලැබීම හේතුවෙන් එම රෝහල් හා ගුවන් තොටුපලවල දැඩි කළබල කාරි තත්ත්වයක් හටගෙන තිබු බව ඉන්දීය මාධ්‍ය පවසයි.මුම්බායි නගරයේ ජස්ලොක්,කොහිනූර්,ජේජේ,සෙන්ට් ජෝජ් ඇතුළු ප්‍රකට රෝහල් 50 කට අධික සංඛ්‍යාවකට මෙන්ම චෙන්නයි,පට්නා,නාග්පුර්,වරනාසි, ජායිපුර් හා කොයිම්බටෝර් ඇතුළු ගුවන් තොටුපොළ වල් 41 කටද මෙසේ බෝම්බ තර්ජන ලැබී තිබු බවත් ආරක්ෂක අංශ විසින් එම,ස්ථාන,දැඩි පරික්ෂාවට ලක් කිරීමෙන් පසු එම තර්ජන ව්‍යාජ ඒවා බව හදුනාගත් බව ඉන්දියාවේ එන් ඩී ටී වී පුවත් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.මෙම බෝම්බ තර්ජන විද්‍යුත් තැපෑලට යොමු කර,ඇත්තේ එම පණිවිඩය එවු තැනැත්තා හදුනාගත නොහැකි වන වීපීඑන් තාක්ෂණය ඔස්සේ බව වාර්තා වී තිබේ.මෙම ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් රෝහල්වල කටයුතුවලට මෙන්ම ගුවන් තොටුපොළ වල කටයුතු වලට බලපෑම් සිදුව ඇති බවත් ඇතැම් ගුවන් යානා ගුවන්ගත කිරීමේ ප්‍රමාදයන් සිදු වු බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.මෙම දිනවල ඉන්දියාවේ අධ්‍යාපන ආයතන,කෞතුකාගාර ඇතුළු වැදගත් මධ්‍යස්ථාන වලටද බෝම්බ තර්ජන ලැබෙන බවත් ඉකුත් මාසයේදී අධ්‍යාපන ආයතන 150 කට ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබු බව එම මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment