ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එරට ආරක්ෂක උපදේශක හමුවේ

136

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවෝල් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බවය. මෙහිදී දකුණු ආසියානු අසල්වාසී රටවල ආරක්ෂක කටයුතු ගැනද අවධානය යොමු කර ඇත. ඉන්දියාවට තම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති විශේෂත්වය මෙන්ම ශ්‍රී ලංකාවට තම රටේ ආරක්ෂාව ගැනද විශේෂත්වයක් ඇතැයි ද මෙහිදී මිලින්ද මොරගොඩ මහතා සදහන් කර තිබේ.ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ලබා දුන් සහාය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ ස්තුතිය පළ කර ඇති අතර චීන යුවාන් වැන්ග් 05 නෞකාව පැමිණීම ගැනද පැහැදිලි කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment