එංගලන්තයට එරෙහිව පැවැති හතර වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 157 ක ජයග්‍රහණයක් ලබාගත් ඉන්දීය කණ්ඩායම දෙරට අතර තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-1 ක් ලෙස පෙරමුණු ගැනීමට පෙරේදා (07 වැනිදා) සමත්විය.
මෙම ජයග්‍රහණය ඉන්දියාව ඕවල් ක්‍රීඩාංගණයේදී වසර 40 කට පසුව ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය වූ අතර ඔවුන් මීට පෙර එහිදී ටෙස්ට් තරගයක් ජයගෙන තිබෙුණ් 1971 වසරේදීය. සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 466 ක් ලබාගත් ඉන්දීය කණ්ඩායම සත්කාරක එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 368 ක ඉලක්කයක් ලබාදී ඔවුන්ගේ සියලූ කඩුලූ ලකුණු 210 ක් තුළ දවාලූහ.
එහිදී උමේෂ් යාදව් කඩුලූ 3 ක් ලබාගත් අතර ජස්පි්රට් බ්රම්රාන්, රවීන්ද්‍ර ජඬේජා සහ ෂර්දුල් තාකුර් කඩුලූ 2 බැගින් දවා ගත්හ. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හෂීබ් හමීඞ් සහ රොරි බර්න්ස් අර්ධ ශතක ලබාගනිමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවයක් පිහිටුවුවද එතැන් පටන් සියලූ එංගලන්ත පිතිකරුවන් ලකුණු 110 ක් තුළදී දවා ගැනීමට ඉන්දියාව සමත්විය.
ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුවා ලෙස ශ්‍රේණිගතව සිටි එංගලන්ත නායක ජෝ රූට් දෙවැනි ඉනිමේදී ලකුණු 36 කට දැවී
ගිය අතර පළමු ඉනිමේදීද ඔහු රැුස් කළේ ලකුණු 21 ක් පමණි. තරගයේ වීරයා ලෙස රෝහිත් ෂර්මා සම්මාන ලැබීය.
ඉන්දියාව පළමු ඉනිම 191 දෙවැනි ඉනිම 466 එංගලන්තය පළමු ඉනිම 290, දෙවැනි ඉනිම 210.
|