ඉන්දියා – පාකිස්තාන් භූචලනවලින් 09ක් මියයති

128

ඉන්දියාව-පාකිස්තානය ඇතුළු රටවල් නවයක ප්‍රබල භූචලන සිදුවීමෙන් 9 දෙනකු මියගොස් 150 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇත.

රිච්ටර් මාපකයේ 6.6 සිට 6.8 දක්වා මෙම භූ චලන සිදුවී ඇත. වඩාත්ම බරපතළ හානිය සිදුවී ඇත්තේ පාකිස්තානයේ ස්ටාට් තැන්නටය.

ඉන්දියාව, පාකිස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, චීනය, ඇෆ්ගනිස්තානය, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවල මෙම භූචලන සිදුවී ඇත. එසේම නවදිල්ලිය, හයිද්‍රාබාද් සහ නොයිඩා යන නගරවලට ද භූචලනය බලපා තිබේ. ඇෆ්ගනිස්තානයට රිච්ටර් මාපකයේ 6.8 ක් වූ බරපතළ භූචලනයේ බලපෑම නිසා ජනතාව මාර්ගවල දිවයන අයුරු දක්නට ලැබී ඇත.

පකිස්තාන් ගුවන් විදුලිය පැවසුවේ ඉස්ලාමාබාද්, පෙශෝවාර්, ලාහෝර්, රාවල්පින්ඩි, කෝගම් යන නගරවලට ද භූචලන බලපා ඇති බවයි. මේ අතර පාකිස්තානයේ මහල් නිවාස රැසක් ඉරිතලා ඇත.

ඇෆ්ගනිස්තානයේ ගිප්ද්‍ර කුෂ් කඳුවැටි ප්‍රදේශයට ද භූචලනය දැඩි ලෙස බලපා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment