ඉන්දීය ආරක්ෂකයෙකුගේ වෙඩිල්ලෙන් දුම්රිය මගීන් 4ක් මරුට

283

ඉන්දියාවේ මුම්බායි නගරයට ආසන්නයේ දුම්රියක ගමන් කරමින් සිටි සිවු දෙනකු ඊයේ (31දා) උදෑසන සිය ස්වයංක්‍රිය ගිනි අවියෙන් වෙඩි තබා ඝාතනය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂණ හමුදාවේ කොස්තාපල්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුම්බායි නගරයට කිලෝ මීටර් 100ක් පමණ ඈතින් පිහිටි පල්ගාර් දුම්රිය ස්ථානය ආසන්නයේදී ජායිපුර් නගරයේ සිට මුම්බායි නගරය දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක සිදුව ඇති මෙම වෙඩි තැබීමට මුල් වූ හේතුව අනාවරණය වී නොමැති අතර එම වෙඩි තැබීමෙන් ඉන්දීය දුම්රිය ආරක්ෂණ හමුදාවට අයත් සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු හා සිවිල් වැසියන් තිදෙනෙකු මියගොස් තිබේ.

චේතන් කුමාර් නමැති වෙඩි තැබූ දුම්රිය ආරක්ෂණ හමුදාවේ කොස්තාපල්වරයාගේ මෙම ක්‍රියාවට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරු සේවය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂණ හමුදාව පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ දුම්රියට අයත් දේපළ හා දුම්රිය මගින් ආරක්ෂා කිරීමේ අරමුණෙනි.

සංස්කරණය ඒමන්ති මාරඹේ


advertistmentadvertistment