ඉන්දීය කොරෝනා මර්දන එන්නතට දස ගුණයක් වැඩියෙන් ගෙවලා – ශ්‍රේෂ්ඨාධිකරණය බ‍්‍රසිල ජනපතිට එරෙහිව පරීක්ෂණ අරඹන ලෙස නියෝග කරයි

268

 අනුමැතියක් නැති ඉන්දීය බයෝටෙක් එන්නත් නියමිත මිලට වඩා දස ගුණයක් ගෙවා මිලට ගැනීමට බ‍්‍රසිලය කටයුතු කිරීම නිසා ජනපති ජයීර් බොල්සොනාරෝ බරපතළ අර්බුදයකට මුහුණපා ඇත.
 
 බ‍්‍රසිල ජනපතිවරණය 2022 වසරේ පැවැත්වෙන අතර ඊට පෙර ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදුවන බව බ‍්‍රසිල මාධ්‍යය කියා සිටී. කොරෝනා මර්දන එන්නත් මිලට ගැනීමේ සිද්ධිය ගැන කොන්ග‍්‍රස් පරීක්ෂණයක් ද ආරම්භ වී තිබේ. බ‍්‍රසිල සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ නියමිත මිලට වඩා දස ගුණයක් වැඩියෙන් ගෙවා බයෝටෙක් එන්නත් මිලට ගැනීම ගැන ජනපති වෙත දැනුම් දෙන ලැබුවත් ඔහු නිසි පියවරක් නොගත් බවයි. මේ නිසා බ‍්‍රසිල ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති බොල්සොනාරෝට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නියෝග කර ඇත.


advertistmentadvertistment