දහසකට අධික ට්‍රෝලර් යාත‍්‍රාවලින් උතුරු මුහුද ආක‍්‍රමණය කරන ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය සම්පත කොල්කෑම නිසා බරපතළ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව උතුරේ ආරංචි මාර්ග පැවසීය.
ඉන්දියාවේ සිට එකවර පැමිණෙන ට්‍රෝලර් බෝට්ටු දහසකට අධික ප‍්‍රමාණයක් නතර කිරීම මෙරට ආක්ෂක අංශවලට ද බරපතළ ප‍්‍රශ්නයක් වී ඇති බව ද වාර්තා වෙයි.
උතුරේ පෝක් සමුද්‍ර සන්ධිය සහ තලේමාන්නාරම් බොක්ක සහ කච්චතිව් මුහුදු කලාපයට වරකට තමිල්නාඩු බෝට්ටු සහ ට්‍රෝලර් 1000ක් පමණ නීති විරෝධීව ඇතුල් වී පොකිරිස්සන් සහ ඉස්සන් ඇතුළු මත්ස්‍ය සම්පත කොල්ලකන බව ද වාර්තා වෙයි.
මෙම මුහුදු කලාපවලින් සොරකම් කරන කකුළුවන්, පොකිරිස්සන් සහ ඉස්සන් යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවලට යවා ඉන්දීය රුපියල් බිලියන 10ක් පමණ උපයන බව ද හෙළි වී ඇත.
ශී‍්‍ර ලංකාවේ මුහුදු කලාපයෙන් සොරාගන්නා මත්ස්‍ය සම්පත සකස් කිරීම සඳහා තමිල්නාඩුවේ මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන 28ක් තිබෙන බව ද අනාවරණය වී තිබේ.
මේ අතර මෙරටට නීති විරෝධීව ඇතුළු වන තමිල්නාඩු ට්‍රෝලර් සහ බෝට්ටු හිමියන්ගෙන් වැඩි දෙනා සාමාන්‍ය ධීවරයන් නොව තමිල්නාඩු දේශපාලකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් බව වාර්තා වේ.
කීර්ති වර්ණකුලසූරිය