ඉන්දීය පළාත් ඇමැති වෙඩි තබා මරයි

595


ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිෂෝර් දාස් (60 හැවිරිදි) මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී,

ඔහු ඔඩීෂා ප්‍රාන්තයේ පැවති උත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවකදී ඊයේ (29) මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.
ඔහුගේ ආරක්ෂාවට සිටි සහකාර උප පොලිස් පරික්ෂකවරයෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment