ඉන්දීය පොලිසිය අල්කයිදා ක‍්‍රියාකාරීන් තිදෙනකු අත්අඩංගුවට ගනී

184

ඉන්දීය පොලිසිය අල්කයිදා කි‍්‍රයාකාරීන් තිදෙනකු අත්අඩංගුවට ගනී ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ පොලිසිය අල්කයිදා ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රධාන කි‍්‍රයාකාරීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

 ලක්නව් නගරයේ පදිංචි මෙම අල්කයිදා ත‍්‍රස්තයන් තිදෙනා අල්කයිදා සම්බන්ධ අන්සාර් ගාහාප්වේ අල් ගියද් ත‍්‍රස්ත ඒකකයට සම්බන්ධ වූවන්ය. මොවුන් ළඟ තිබී ඩෙටනේටර් කිලෝ 7 පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ සවිකළ ප්‍රෙෂර් උඳුන් 2 ක් ද සොයාගෙන ඇත. මෙම අල්කයිදා ත‍්‍රස්තයන් අසුවීමත් සමගම ඉන්දීය පොලිසිය බිහාර් සහ මධ්‍ය ප‍්‍රදේශ ආණ්ඩුවලට අනතුරු අගවමින් තවත් ත‍්‍රස්ත  අනුගාමිකයන් ගැන විමසිලිමත්වන ලෙස ඉල්ලා ඇත.


advertistmentadvertistment