ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. පළමු තරගය අද (19දා) චෙන්නායිහි චෙපාක්කම් හි එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
දෙවැනි ටෙස්ට් තරගය ලබන 27 වැනිදා උත්තර් ප්‍රදේශ්හි කාන්පූර්හිදී පැවැත්වේ.
අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය 2025 ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති හෙයින්, කණ්ඩායම් දෙකටම ඊට සහභාගි වීමටනම් තරගමාලාවේ ජයග්‍රහණයක් අත්‍යවශ්‍ය බැවින් කණ්ඩායම් දෙකම උනන්දුවෙන් සූදානම් වෙමින් සිටිති.
පකිස්තානයට ගොස් එරට දී පකිස්තානය පරාජය කළ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දැන් ඉන්දීය පිලට මුහුණ දෙයි.
බංග්ලාදේශය මෙතෙක් ටෙස්ට් තරගවලදී ඉන්දියාව පරාජය කර නොමැත.
කෙසේ වෙතත්, චෙන්නායි ක්‍රීඩාංගණයේ දඟ පන්දු මැජික් මැවීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවන්නේ ඉන්දීය කණ්ඩායම මෙන් ප්‍රබල දඟ පන්දු යවන්නන් සිටින නිසාය.
එබැවින් චෙන්නායි හි පැවැත්වෙන ටෙස්ට් තරගයේදී දඟපන්දු යවන්නන් කණ්ඩායම් දෙකටම එක ලෙස තර්ජනය එල්ල කරනු ඇත.
2000 වසරේ සිට බංග්ලාදේශය ඉන්දියාව සමග ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර ඇත. කෙසේ වෙතත්, ඔවුන් මෙතෙක් එක් තරගයක් හෝ ජය ගෙන නොමැති අතර, ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණ 11ක් සමගින් සිය ආධිපත්‍යය දරයි.
ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් දීර්ඝ කාලයකට පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගි වෙති. විරාත් කෝලි ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට යන්නේ මාස 9කට පමණ පසුවයි. මීළඟට රිය අනතුරකින් ටෙස්ට් තරග අහිමි වූ රිෂාබ් පාන්ට්ය. දැන් ඔහු වසර 2කට පසුව ටෙස්ට් වරම් ලබා ඇත. දෙදෙනාගේම පිතිකරණ දස්කම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරේ.
වරදත්ත අකලංක