ඉන්දීය බුද්ධි සේවාව තව්හිද් පණිවුඩ ජාලයට රිංගා පාස්කු ප්‍රහාරය හෙළි කළා – ශ්‍රී ලංකාවේ බලධාරීන් තැකීමක් කළේ නෑ

292

නවදිල්ලි ලොක්කෙක් කියයි

පාස්කු ප්‍රහාරය සිදුවන දිනය සහ වේලාව හරියටම දැනගැනීමට හැකි වූයේ ඉන්දීය බුද්ධි සේවාව තව්හිද් සංවිධානයේ පණිවුඩ ජාලයට රිංගීම නිසා බව නවදිල්ලි ගැටුම් කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී අජා සහානි විසින් මුල්වරට හෙළි කර ඇත.

ප්‍රහාරය මෙහෙයවන්නන් සහ ප්‍රහාර ස්ථාන අවසාන මොහොත දක්වා සොයා ගැනීමට ඉන්දීය බුද්ධි සේවාව ක්‍රියා කර ශ්‍රී ලංකාවට දැනුම් දුන්නද ශ්‍රී ලංකාවේ බලධාරීන් තැකීමක් නොකළ බව ද ඔහු දක්වා තිබේ.

පාකිස්තානය අයි එස් අයි බුද්ධි සේවාව ද පාස්කු ප්‍රහාරය ගැන ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණත් ඒ ගැන ද ශ්‍රී ලංකාව සැලකීමක් දක්වා නැති බව කියයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment