ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් කාන්තාවන් සම්බන්ධයෙන් වෛරී සිතුවිලි සමාජගත කිරීමේ අරමුණින් එම කාන්තාවන් වෙන්දේසි කිරීම සඳහා යැයි පවසමින් අන්තර්ජාල යෙදුමක් (ඔන්ලයින් ඇප්) නිර්මාණය කර ඒ ඔස්සේ මුස්ලිම් කාන්තාවන් කිහිපදෙනකුගේ ඡුායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ 21 හැවිරිදි තරුණයකු හා කාන්තාවක් අත්අඩංගුවට
ගැනීමට ඉන්දීය පොලිසියේ සයිබර් අපරාධ අංශය විසින් පියවර ගෙන තිබේ.
මුම්බායි නගරයේදී හා උත්තර්කණ්ඞ් ප්‍රාන්තයේදී එම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. අදාළ වෙන්දේසිය ව්‍යාජ එකක් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. ඉන්දියවේ වෙසෙන මුස්ලිම් කාන්තාවන් රැුසක් කිසියම් පිරිසක් විසින් තම අවසරයෙන් තොරව සිය ඡුායාරූප අදාළ අන්තර්ජාල යෙදුම ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර තිබූ බවට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පැමිණිලි කර තිබිණි.
සංස්කරණය
ඒමන්ති මාරඹේ