ඉන්දීය යුදහමුදා මාණ්ඩලික ප‍්‍රධානි අගහරුවාදා දිවයිනට

320

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අනිද්දා (12දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය හමුදාධිපතිවරයා ශ‍්‍රී ලංකාවට පැමිණෙයි.

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානීගේ ශ‍්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සමග සාකච්ඡුා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇත.

එසේම ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමග ශී‍්‍ර ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් ද පැවැත්වීමට නියමිතය. මේ වනවිට ඉන්දීය සහ ශ‍්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් මෙරටදී පවත්වන මිත‍්‍ර ශක්ති යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය නැරඹීම සඳහා ද ඉන්දීය හමුදාධිපතිවරයා සහභාගීවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment