ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රීවරයකුට මුදල් විශුද්ධිකරණ චෝදනා

63

මුදල් විශුද්ධිකරණය පිළිබඳ නඩුවක් සම්බන්ධයෙන් රාජ්‍ය සභා මන්ත්‍රී සංජේ රවුත්ගෙන් බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් ප්‍රශ්න කර ඇත. ඒ සඳහා ඔහුගේ නිවසට පැමිණි විගස, ශිව්සේන නායකයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මධ්‍යම ඒජන්සියේ විමර්ශනය ‘ව්‍යාජ සාක්ෂි’ මත පදනම් වූ බවයි.

 විමර්ශකයන් රාජ්‍ය සභා මන්ත්‍රීවරයාගේ නිවසට ඉකුත් 30 දා පැමිණියේ ඔහුට ජුලි 20 සහ ජූලි 27 යන දෙවතාවේ කැඳවීම මග හැරීමෙන් පසුවය. සේන ප්‍රධානී උද්ධව් තැකරේගේ සමීපතම සහායකයකු වන රවුත් මහතා චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර දේශපාලන පළිගැනීම් හේතුවෙන් ඔහු ඉලක්ක කර ගන්නා බවට චෝදනා කර ඇත.

 ‘මම කිසිම වංචාවකට සම්බන්ධයක් නැහැ. මම මේක කියන්නේ ශිවසේනා ප්‍රධානී බාලාසාහේබ් තැකරේගේ දිවුරුම් දීමෙන්. බාලාසාහේබ් අපිට සටන් කරන්න

 ඉගැන්නුවා. මම ශිවසේනා වෙනුවෙන් දිගටම සටන් කරනවා’ ඔහු අද උදෑසන මරාති භාෂාවෙන් ට්විටර් කළේය. ‘අසත්‍ය ක්‍රියාවක්. බොරු සාක්ෂි’ මම ශිව සේනාව දාලා යන්නේ නැහැ. මම මැරුණත් මම යටත් වෙන්නේ නැහැ යැයි වැඩිදුරටත් පැවසීය.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment