ඉන්දීය විදේශ අමාත්‍යාංශයට රජය කනස්සල්ල පළ කරයි – නාවික හමුදා නිලධාරියාගේ මරණය:

101

නීති විරෝධීව මසුන් මැරීමේ කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරියකු මියයෑම ගැන ශ්‍රී ලංකා රජය ඉන්දීය විදේශ අමාත්‍යාංශය හමුවේ සිය කනස්සල්ල පළ කර ඇත.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය, ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිෂන්කර් මහතා හමුවී ශ්‍රී ලංකා රජයේ කනස්සල්ල ප්‍රකාශයට පත්කර ඇත.

එසේම මෙරට විදේශ අමාත්‍යාංශය ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු කැඳවා මේ ගැන සිය කනස්සල්ල පළ කර තිබිණි.

මෙම සිද්ධියෙන් 40 හැවිරිදි ප්‍රියන්ත රත්නායක නිලධාරියා මරණයට පත්වූ අතර ඔහුගේ අවසන් කටයුතු ඉබ්බාගමුවේදී සිදුකෙරිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment