ඉන්දීය විදේශ ඇමැති අද එයි

67

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (20දා) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ.

මෙම සංචාරය අතරතුරදී ඒ මහතා හවුල්කාරිත්වය හා සම්බන්ධ පුළුල් පරාසයක කරුණු රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නායකත්වය සමග සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා නව රජය පිහිටුවීමෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් සිදුකරන පළමු ද්විපාර්ශ්වීය විදේශ සංචාරය මෙය වේ. ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන් ’ යන ප්‍රතිපත්තිය තහවුරු කරමින් මෙම සංචාරය සිය සමීපතම සමුද්‍රීය අසල්වැසියා සහ විශ්වාසදායි මිතුරා වශයෙන් ශ්‍රී ලංකාව වෙත ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරන බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment