ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිෂන්කර් මහතා හෙට (04 වැනිදා) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසු විදේශ රාජ්යතාන්ත්රිකයකු මෙරට සිදු කරන පළමු නිල සංචාරය මෙය වේ. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රජයේ ඉහළ නිලධාරීන් හමුවීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
උපාලි ද සේරම්