ඉන්දීය සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

289


ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උප නායකයින් දෙපළකගේ සහාය හිමිවී ඇත.

එහිදී එක්දින තරග සඳහා උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර විස්සයි විස්ස තරග සඳහා උප නායකත්වය වනිඳු හසරංගට හිමිව තිබේ.
ඉන්දීය සංචාරයට අනුමැතිය ලද ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.දසුන් ශානක,කුසල් මෙන්ඩිස්,පැතුම් නිස්සංක,අවිශ්ක ප්‍රනාන්දු,සධීර සමරවික්‍රම,චරිත් අසලංක,ධනංජය ද සිල්වා,වනිදු හසරංග,අශේන් බණ්ඩාර,මහේෂ් තීක්ෂන,ජෙෆ්රි වැන්ඩසේ,චාමික කරුණාරත්න,ඩිල්ෂාන් මධුසංක,කසුන් රාජිත,නුවනිදු ප්‍රනාන්දු,දුනිත් වෙල්ලාලගේ,ප්‍රමෝද් මදුෂාන්, භානුක රාජපක්ෂ , නුවන් තුෂාරය සහ ළහිරු කුමාර.


advertistmentadvertistment