ඉන්දීය සිනමාවේ කොහිනුර් දියමන්තිය දිලිප් කුමාර්

290

ඉන්දීය සිනමාවට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ඉන්දියාවේ යුග තුනක මහා නළුවන් වූ දිලිප් කුමාර්, අමිතාබ් බච්චාන් හා ෂාරුක් ඛාන් එකට සිටින ඡුායාරූපයකින් මුල් කවරය සරසමින් ෆිල්ම් ෆෙයාර් ස`ගරාවේ විශේෂ කලාපයක් 2003 අපේ‍්‍රල් මස 24 වන දින නිකුත් කළේය. මෙම ඡායාරූපය ගන්නා අවස්ථාව විවිධ මාධ්‍ය ඔස්සේ විශාල ප‍්‍රචාරයක් දී තිබුණි. අමිතාබ් බච්චාන් හා ෂාරුක් ඛාන් ප‍්‍රකාශ කොට සිටියේ දිලිප් කුමාර් වැනි ශ්‍රේෂ්ඨ නළුවකු සමග මෙවැනි ඡායාරූපයකට පෙනී සිටීම තම සිනමා ජීවිතයේ ඓතිහාසිකම සංධිස්ථානය බවය. හින්දි සිනමාවේ එතරම් ප‍්‍රතිභාව නැංවූ ප‍්‍රබලම චරිතයක් වූ පුරා දශක පහක් ඉන්දීය සිනමාව ආලෝකමත් කළ හින්දි සිනමාවේ කොහිනුර් දියමන්තිය දිලිප් කුමාර් වසර  98 ක් ආයු වළ`දා 2021 ජුලි 7 වන දින ලොවක් කම්පා කරමින් දිවි මගෙන් නික්ම ගියේය. දිලිප් කුමාර් 1922 දෙසැම්බර් මස 11 වන දින එදා බි‍්‍රතාන්‍යයට යටත් ඉන්දියාවේ වයඹ ප‍්‍රාන්තය වූ වත්මන් පාකිස්ථානයේ පෙෂාවොර් හි කුවිස්සා කහවානි බසාර්හි දි හින්දි භාෂාව කතා කරන ඇෆ්ගනිස්තානු සම්භවයක් ඇති දරුවන් එකළොස් දෙනකුගෙන් සමන්විත පවුලක ඉපදුණි. පෙෂවොර් හි මහා පරිමාණ පළතුරු වෙළෙන්දකු වූ දිලිප්ගේ පියා වූ ගුල්ලාම් සර්වාර් දිලිප්ට මොහොමඞ් යුසුෆ් ඛාන් යැයි නම් තැබීය.

ඉන්දීය සිනමාවේ කොහිනුර් දියමන්තිය දිලිප් කුමාර්

1930 ගණන් වල මුල් භාගයේ තම පවලේ සමාජිකයන් සමග බොම්බාබ්යට සංක‍්‍රමණය වන යුසුෆ් ඛාන් තම පියාගේ පළතුරු වෙළෙ`දාමට සහය වේ. දිලිප්ගේ අධ්‍යාපනය ගැන වැඩි ස`දහනක් නොවූවද මහාරාෂ්ටයේ ඩියෝලලි හි බාර්නස් පාසලට අධ්‍යාපන කටයුතුවලට ගිය බව අන්තර්ජාලය තුළ දක්වයි. සමහර අය දක්වන්නේ තම පවුලට උදව් කිරීමට පුනාහි අවන් හලක තරුණ යුසුෆ් ඛාන් සේවය කළ බවය. දිලිප් වටා රස කථා බිහි වන්නේ මෙයට පසුවය.

ඉන්දීය සිනමාවේ කොහිනුර් දියමන්තිය දිලිප් කුමාර්

යුසුෆ් කාන් නැතහොත් දිලිප් කුමාර් ඉන්දීය සිනමාවට හ`දුන්වා දෙන්නේ 1930 හා 40 ගණන්වල ජනප‍්‍රිය නිළියකව සිටි දේවිකා රාණි විසිනි. ඇය ඉන්දියාවේ සිනමා පට 100 කට අධික ප‍්‍රමාණයක් නිපද වූ ඉන්දියාවේ බොම්බේ ටොකීස් සමාගමේ අයිතියේ කොටස්කාරියක විය. මෙම සමාගමෙන් දිලිප් පමණක් නොව අශෝක් කුමාර්, රාජ් කපුර් මෙන්ම පසු කාලයක දිලිප් හා ආදරයෙන් බැඳෙන මධුබලා වැනි නළු නිළියන්ද හ`දුන්වා දෙනු ලැබීය.

ඉන්දියාවේ දර්ශනීයම කඳුකර නගරයක් වන උත්තරානාන්ද් හි නනිතාල් වෙත ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගිය දිලිප්ට දෛවෝපගත ලෙස එහිදී දේවිකා රාණි හමුවීම වේ. දේවිකා රාණි තමන්ගේ නව චිත‍්‍රපටය සඳහා දර්ශන තල සොයා එහි චිත‍්‍රපට අධ්‍යක්ෂක වූ අමියා චක‍්‍රවර්ති සමග නනිතාල් වෙත පැමිණේ. දිලිප් හා දේවිකා රාණි නනතාල්වල වීදියක ප‍්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් සිටියෝය. දේවිකා රාණි ඇගේ වරදකින් දිලිප්ගේ ඇෙඟ් හි ගැටේ. ඇය එහිදී දිලිප්ට කනගාටුව පළකොට තමාව සම්බන්ධ කර ගත හැකි විස්තරදී ඔහුව අමතන බවද පවසා සමුගෙන නික්ම ගියේය. ව්‍යාපාරික කටයුතු නිම කොට පුනා වෙත පැමිණි දිලිප් මෙම මහා කලාකාරියගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලාපොරොත්තුව සිටියද එය ඉටු නොවීය. පසුව දිලිප් ඇය හමුවීමේ බලාපොරොත්තුවෙන් බොම්බේ ටොකිස් සමාගම වෙත ගියත් එදින ඉරිදා දිනයක් වූයෙන් එය වසා තිබුණි. වාසනාවකට සමාගමේ නිෂ්පාදන ලේකම් එස්. ගුරුස්වාමිව එහි පිටතදී දිලිප්ට හමු විය. පසු දින දේවිකා රාණි හමුවීමට අවස්ථාව ලබාදීමට තරම් ගුරුස්වාමි කාරුණික විය. පසුදින දිලිප්ට දේවිකා රාණි හමුවීමේ වාසනව ලැබුණි. දේවිකා රාණි මෙම තරුණයා කවුදැයි හ`දුනා ගත්තේය. ඔහුව සම්මුඛ පරීක්‍ෂණයකට ලක් කොට ඔහුට ඇති හැකියාව වටහා ගත් ඇය ඔහුට ලේඛන වගයක් දී එයට එකඟ නම් දන්වන ලෙස පැවසීය. නමුත් ඔහු සිතුවේ එය තමාට වෙනත් උපකාරයක් කිරීමක් ලෙස වුවද එහි තිබුණේ බොම්බේ ටොකීස් හි චිත‍්‍රපයකට දිලිප් තෝරා ගෙන එහි ගිවිසුමය. මෙය දිලිප්ගේ සිනමා ගමනේ මුල් පියවර එය විය.

ඉන්දීය සිනමාවේ කොහිනුර් දියමන්තිය දිලිප් කුමාර්

ප‍්‍රධාන නළුවකු ලෙස රඟපාන්නේ නම් වඩාත් ආකර්ශනීය වූ නමක් සඳහා තම යුසුෆ් ඛාන් නම වෙනස් කළ යුතු යැයි දේවිකා රාණි දිලිප්ට පැහැදිලි කළේය. ඇය විසින් ජීවන්ගිර් හා වාසුදේව යන නම් දෙක ඉදිරිපත් කළත් එකළ බොම්බේ ටොකීස් සමාගමට තිරනාටක ලියමින් සිටි බහග්වතී චරන් වීරම් නම් ඉන්දියානු මහා කවියා වෙනත් නමක් යෝජනා කළේය. එනම් දිල්ලියේ ආරක්ෂකයා යන තේරුම ඇති දිලිප් කුමාර් යන නාමයය. එහිදී කාගෙත් කැමැත්ත මත යුසුෆ් ඛාන්ට දිලිප් කුමාර් යැයි නම් තැබීය.

ඉන්දීය සිනමාවේ කොහිනුර් දියමන්තිය දිලිප් කුමාර්


දිලිප්ගේ පළමු චිත‍්‍රපටය වූයේ බොම්බේ ටොකීස් නිපද වූ අමියා චක‍්‍රවර්ති අධ්‍යක්ෂණය කළ 1944 නොවැම්බර් 29 දින තිරගත වූ ජුවාර් බහටා චිත‍්‍රපටයය. දිලිප්ගේ දෙවන චිත‍්‍රපටය ෆාතිමා වන අතර ඔහුගේ සිව් වැනි චිත‍්‍රපටය වන 1947 තිරගත වූ ජුග්නු චිත‍්‍රපටය දිලිප්ගේ ගමන වෙනස් මගකට යොමු කරයි. එය නම් එකල ඉන්දීය සිනමාවේ ජනප‍්‍රියම ගායිකාව හා නිළිය වූ නුර්ජාන් සමග සුරාජ්ගේ චරිතය රඟපාමින් එක් රැුයකින්ම ජනප‍්‍රිය නළුවකු බවට පත් විය. 1949 තිරගත වූ අන්දාස් චිත‍්‍රපටයේ තම නමින්ම දිලිප් යන චරිතය නර්ගීස් හා රාජ් කපූර් සමග රඟපෑ දිලිප් කුමාර් එයින් පසු ජනප‍්‍රිය සේම මහා නළුවකු බවට පත් විය. මෙසේ ජුවාර් බහටා චිත‍්‍රපටයෙන් ඇරඹි දිලිප්ගේ සිනමා දිවිය තුළ චිත‍්‍රපට 60කට අධික සංඛ්‍යාවක ඔහු රඟපැවේය. ඔහුගේ අවසන් චිත‍්‍රපටය වූයේ 1998 තිරගත වූ ක්විලා නම් චිත‍්‍රපටයය. එම වසර 55 තුළ මධුමතී, ආන්, බාබුල්, ටරනා, දේව්දාස්, දාග්, ෆුට් පාත්, අන්දාස්, අසාඞ්, ලීඩර්, රාම් ඹර් ෂයාම්, කොහිනුර්,මොගල් ඊ අසාම්, ගංගා ජමුනා, නයා දුර්, ආදි ජනප‍්‍රිය චිත‍්‍රපට රාශියක රඟපාන දිලිප් නොදන්නා හේතු මත අතර මග නැවතුනු චිත‍්‍රපට 11 කටද දායත්වය දැක්විය.

ගංගා ජමුනා (1961) දිලිප් නිෂ්පාදනය කළ එකම චිත‍්‍රපටය විය. කාලිංග නම් චිත‍්‍රපටය දිලිප්ගේ එකම අධ්‍යක්ෂණය වුවද එය තිරගත නොවීය.

බි‍්‍රතාන්‍යයේ මහා සිනමාකරු ඬේවිඞ් ලීන් ඔහුගේ සම්භාවනීය චිත‍්‍රපටයක් වූ ලෝරන්ස් ඔෆ් ඇරේබියා චිත‍්‍රපටයේ ෂෙරිෆ් අලි නම් ප‍්‍රධාන චරිතය රඟපෑමට දිලිප්ට ආරාධනය කළද ඉන්දියානු මූලාශ‍්‍රයන්ට අනුව දිලිප් එය පිලිගත්තේ නැත. පසුව ඊජිප්තු ජාතික නළුවකු වූ ඕමාර් ෂරිෆ් මෙම චරිතයට තෝරා ගන්නා ලදී. උතුරු ඉන්දියාවේ නිපදවූ දෛවයෝගය සිංහල චිත‍්‍රපටයේ රුක්මණී දේවි සමග මුගලන්ගේ චරිතය ර`ගපෑමට මුලින් දිලිප් කුමාර් තෝරාගෙන තිබුනද දිලිප්ගේ කාර්යබහුලතාවය නිසා එය ඉටු නොවුණි.

දිලිප්ගේ සමකාලීන නිළියන් බොහෝමයකගේ සිහිනයක් වී තිබුණේ දිලිප් සමග රඟපෑමටය. ඔහු හා රඟපෑමෙන් ලැබෙන ජනප‍්‍රියතාවය නිළියන්ට ආලෝකයක් විය. දිලිප් සමග රඟපෑ නිළියන් අතර මදුබලා, නුර්ජාන්, නිම්මි, වෛජයන්තිමලා, මීනා කුමාරි, බිණා රායි, නුතාන්, නර්ගිස්, කමනි කෞෂාල්, වහිඩා රේහේමන්, ශෂි කලා, නදීරා සයිරාබානු බොහෝ විට ස`දහන්වන නිළියන් වේ.

තවත් විශේෂ සිද්ධීන් වෙනුයේ ආශා පාරේක්, සාධනා, මලාසිං හා මුල් කාලයේ ඉන්දියාවේ ඉහළ ජනප‍්‍රියත්වයක සිටි සුරෙයියා දිලිප් සමග කිසි දිනෙක රඟනොපෑමය. සුරෙයියා හා මලාසිං කෙලින්ම දිලිප් සමග රඟපෑම ප‍්‍රතික්ෂේප කළේය. මොගල් ඊ අසාම් චිත‍්‍රපටය අධ්‍යක්ෂනය කළ කේ. අසිෆ් ජාන්වාර් නම් විත‍්‍රපටයක් මෙහෙයවීමට අවස්ථාවක් ලබයි. මෙහි ප‍්‍රධාන චරිතයන්ට තෝරා ගනු ලැබුයේ දිලිප් කුමාර් සහ සුරෙයියාය. නමුත් පුහුණුවීම් අතර වූ සිද්ධියකින් සුරෙයියා දිලිප් සමග රඟපෑම ප‍්‍රතික්ෂේප කරමින් චිත‍්‍රපටයෙන් ඉවත් වේ. කෙසේ වෙතත් දිලිප්ව ප‍්‍රතික්ෂේප කළ මලාසිං සේම ආශා පාරේක්ද දිලිප් සමග රඟනොපෑම ගැන කනගාටු වන බවට මාධ්‍යයන්ට පවසා තිබුණි.

නළුවකු ලෙස දිලිප් කුමාර්ගේ වෘත්තීය ජීවිතය තුළ ලත් ජයග‍්‍රහණයන් රාශියක් වුවද ඔහු පුද්ගලික ජීවිතයේ සදාකාලික ආදරයක් සොයා ගිය ගමන එතරම් මිහිරි නොවීය. ඉන්දීය සිනමාව තුළ ගොඩනැ`ගුණු ආදර කතා එදා මෙදා තුර දක්නට ලැබුණු දෙයකි. රාජ් කපූර් නර්ගීස් ආදර කතාව හා සුරෙයියා දෙව් ආනන්ද් ආදර කතාව ඒ අතර විය, එහෙත් වඩාත් කතාබහට ලක් වූයේ දිලිප් හා බැ`දුණු ආදර කතාවන්ය. දිලිප්ගේ ආදර කතාවන් ආරම්භ වනුයේ 1940 ගණන්වල අවසාන කාලයේය. 1948 දී තිරගත වන ෂාෂිහිඞ් චිත‍්‍රපටයේ ප‍්‍රථම වතාවට කමනි කෞෂාල් නැමති නිළියට දිලිප් සමග රඟපෑමේ අවස්ථාව ලැබේ. දිලිප් ඇය කෙරේ ආදරයක් ඇති වුවද එය කෙලින්ම ප‍්‍රකාශ නොකරයි. දිලිප් ඇය සමග නදියා කී පයාර් (1948), ෂබ්නාම් (1949) අර්සු (1950) යන චිත‍්‍රපට වල රඟපෑ අතර දිලිප් ඔහුගේ ආදරය ගැන ඇයට පැවසුවද ඇය එම ආදරය ප‍්‍රතික්ෂේප කරනුයේ ඒ වන විට ඇය විවාහකව සිටි නිසාය. එසේම ඇයගේ සොහොයුරා මෙය දැනගෙන එයට දැඩිව විරුද්ධ විය. එම ආදර කතාව එසේ නිම වුවද ඔවුන්ගේ මිත‍්‍රත්වය බොහෝ කල් පැවතුණි. වරක් කමනි වාර්ෂිකව දිලිප්ගේ උපන් දිනය සැමරීම ගැන දිලිප්ගේ බිරිඳ වූ සයිරා බානුව ඇගයීමට ලක් කළේය. සිනමාවෙත් සැබෑ ජීවිතයෙත් පරාජිත පෙම්වතකු බවට පත්වන දිලිප්ට පරාජිත පෙම්වතා යන අන්වර්ථ නාමය මේ සමග ලැබෙන්නට ඇතැයි සිතිය හැක.

මෙයට වසර කිපයකට පසු නැවතත් දිලිප් හා බැ`දුණු ආදර කතාවක් ඇරඹේ. මෙම ආදර කතාව අදටත් ඉන්දීය සිනමාවේ විචිත‍්‍රතම ආදර කතාව වේ. මධුබලා ඉන්දියානු සිනමාවේ බිහි වූ සුරූපීම නිළියෙකි. 1950 ගණන් වල මුල් භාගයේ ජනප‍්‍රිය නිළියකු වූ මධුබලා පළමු වරට දිලිප් කුමාර් සමග 1951 තිරගත වූ ටරානා චිත‍්‍රපටයේ රඟපෑමට තෝරා ගනී.

මෙම විත‍්‍රපටයේ දිගටම රඟපාන අතරතුර නෙයින මිලේ නෙයන හුවේ යන ජනප‍්‍රිය ගීතයට මෙම දෙදනාගේ ර`ගපෑම් කැමරාගත කළ දින විශේෂ යමක් සිදුවිය. රූපගත කිරීම්වලට පසුව දිලිප් හෝටල් කාමරයේ විවේකයෙන් සිටින විට එහි සේවකයෙක් රෝස මලක් දිලිප් වෙත ගෙනත් දුනි. මෙය එවා තිබුණේ මධුබලාය. ඒ ඇගේ ආදරය. දිලිප් හා මධුබලා ආදරවන්තයන් බවට පත් වුවද එය රහසක්ව තබා ගැනීමට නොහැකි විය. ඉන්දියව තුළ එකළ වඩාත් ජනප‍්‍රිය කතාව වූයේ දිලිප් මධුබලා ආදර කතාවය. වසර 6කට පසු මෙම ආදර කතාව නිම වනුයේ 1957 නායා දුර් චිත‍්‍රපටය සමගය. මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත ලෙස දිලිප් මධුබලා තෝරා ගෙන සමහර කොටස් රූපගත කළ පසු මධුබලා බෝගල් නම් නගරයේ රූපගත කිරීම්වලට යෑම ප‍්‍රතික්ෂේප කරයි. මෙය නිසා මතු වූ ගැටලූව අධිකරණය දක්වා ගියේය. එහිදී දිලිප් සාක්‍ෂි දුන්නේ නිෂ්පාදකගේ පැත්තටය. මෙහිදී මධුබලා හා දිලිප් අමනාප විය මෙම අමනාපය හා ගැටුම පිටුපස සිටියේ මධුබලාගේ පියා යැයි මතයක් විය. මෙම පසුබිම තුළත් දිලිප් මධුබාලාට විවාහ වන ලෙස කියයි. කෙසේ නමුත් පසු කාලයේ මේ දෙදනා දර්ශන තල තුළ හමුවුවද එකිනෙකා කතා නොකර සිටියේය. නමුත් මියයන තුරුම මධුබාලා දිලිප්ට දොස් නොනැ`ගීය.

වයස අවුරුදු 44 ක් වූ දිලිප් 1966 දී වයස අවුරුදු 22 ක් වූ සුරූපී නිළි සයිරාබානු
විවාහ කර ගනී. මියයන තුරුම දිලිප් ආදරයෙන් රැක බලා ගැනීම ගැන සයිරාබානුව කාගෙත් ඇගැයීමට ලක්වූයේය.

දිලිප් ඔහුගේ සිනමා ජීවිතය තුළ ලැබිය යුතු සියලූම සම්මානයන් ලබා තිබුණි. ඒවා ඔහු සිනමාවට දැක් වූ දායකත්වය හා කුසලතා මත ලැබුණු ඒවාය. 1954 වසරේ පැවති පළමු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී දාග් චිත‍්‍රපටයේ ෂන්කර්ගේ චරිතය රඟපා වසරේ හො`දම නළුවා ලෙස අභිෂේක ලැබීය. 19 වතාවක් හො`දම නළුවාට ෆිල්ම් ෆෙයාර් සම්මානයට නිර්දේශ වූ දිලිප් අට වතාවක් හො`දම නළුවා ලෙස සම්මාන ලැබීය. එම සම්මාන හිමි වූයේ දාග්, අන්දාස්, දෙව්දාස්, නයා දුර්, ලීඩර්, කොහිනුර්, රාම් ඔර් ෂයාම් හා ශක්ති යන චිත‍්‍රපටවල රඟපෑම් සඳහාය.

1993 ෆිල්ම් ෆෙයාර් යාවජීව සම්මානය, 1997 එන්. ආර්. ටී. සම්මානය, 2001 සී සීනේ සම්මානය, 2004 අයිවා යාවජීව සම්මානය, 2009 සී.එන්.එන්. අයි.බී.එන්. යාවජීව සම්මානය යන සියලූ ජීවිතයට එක් වරක් ලැබෙන යාව ජීව සම්මාන දිලිප්ට පිදුණි, එයට අමතරව 1994 සිනමාවේ විශිෂඨත්වයට පිරිනමන සම්මානය හා 1980දී බොම්බායේ ෂෙරිෆ් යන ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ දිලිප් හට 1991 පද්ම විභුෂණ සම්මානයද පිරිනමන ලදී. එසේම පාකිස්ථානය විසින් සිවිල් වැසියකුට පුදනු ලබන ඉහළම සම්මානය වූ නසින් ඊ පාකිස්තාන් සම්මානය 1997 දී දිලිප්ට පිරිනැමීය.

දේශපාලනයට පිවිසෙන දිලිප් 2000 පැවති මැතිවරණයෙන් ලෝක් සභාවට තේරී පත්විය.

දිලිප් තම ජීවිතයේ අවසාන දශකයෙත් තම සිනමා ජීවිතය සම්බන්ධව ක‍්‍රියාශීලීව කටයුතු කළේය. සිනමාව තුළ ලත් අත්දැකීම් හා පුද්ගලික ජීවිතයේ මතක සටහන් ඇතුළත් කරමින් 2014දී සත්‍යයේ සාරය හා සෙවණැල්ල ි ඔයැ ීමඉිඒබජැ ්බා එයැ ීය්ාදඅ. නමින් තම ස්වයං රචිත චරිතාපදානය දිලිප් විසින් එළිදැක්වීය. ඉන්දියාවේ දෙවන ඉහළම ජාතික සම්මානය වූ පද්ම විභූෂණ සම්මානය ඔහුගේ 93 වන උපන් දිනයේදී ඉන්දීය රජය විසින් දිලිප්ට පිරිනමන ලද්දේ ඔහුට ඉන්දියානු ජනතාවගේ ගෞරවය පිරිනැමීමටය.

ලාංකික පේ‍්‍රක්ෂකයන් තුළද දිලිප් කෙරේ පැවතියේ ආදරයකි. එසේම දිලිප් කීප වරක්ම ලංකාවට පැමිණියේ ඔහු රඟපෑ චිත‍්‍රපට ප‍්‍රවර්ධනයටය. රුක්මණී දේවි එඞී ජයමාන්න වැනි අපේ නළු නිළියන් දිලිප් සමග මිත‍්‍රත්වය ගොඩන`ගාගෙන තිබුණි. රුක්මණී එඞී දෛවයෝගය චිත‍්‍රපටය කිරීමට උතුරු ඉන්දියාවට ගිය විට මෙම මිත‍්‍රත්වය ඇති විය. ශ‍්‍රී ලංකාවේ සිනමා පළමු පුවත්පත වනුයේ රොබට් ජයවර්ධන කර්තෘත්වය දැරූ සිනමා නම් පුවත්පතය. මෙම පුවත් පතේ මුල්ම ප‍්‍රකාශනයේ දක්වා තිබුණේ දිලිප් කුමාර් විසින් එවන ලද සුබපැතුම් පණිවුඩයය. (60 වසරක සිංහල සිනමා ප‍්‍රකාශන – ආතර් යූ. අමරසේන පිටුව 14)

දිලිප් කුමාර් ලෝක සිනමා ඉතිහාසයේ අමරණීය නාමයකි. ඔහු පිළිබ`දව සටහන් තැබූ පිරිස ලක්ෂ ගණනකි. එහෙත් මෙම ලිපිය නිම කිරීමට සුදුසුම ප‍්‍රකාශනයන් වනුයේ අමිතාබ් බච්චන් හා සත්‍යජිත් රායි දිලිප් ගැන කළ ප‍්‍රකාශනයන්ය. අමිතාබ් බච්චන් වූ කලී දිලිප්ට පසුව බිහි වූ මහා නළුවා සේම සත්‍යජිත් රායි ඉන්දීය සිනමාවේ විශිෂ්ඨතම සිනමාකරුය. අමිතාබ් බච්චන් ප‍්‍රකාශ කරනුයේ දිලිප් ඉන්දීය විශිෂ්ඨතම නළුවන් අතර පෙරමුණේ සිටින බවය. සිනමා රංගනයේදී වඩාත් ස්වාභාවික තාත්වික රඟපෑමට යෙදෙන ශාස්ත‍්‍රීය ශිල්ප ක‍්‍රමය හඳුන්වනුයේ රඟපෑමේ ක‍්‍රමය නැතහොත් ඉංග‍්‍රීසි භාෂවෙන් මෙතඞ් ඇක්ටින් ලෙසය. මෙය අර්ථ දක්වන්නේ චරිතය තුළට පිවිස අව්‍යාජ භාව ප‍්‍රකාශනයක් ලෙසය. සත්‍යජිත් රායි දිලිප් ගැන ප‍්‍රකාශ කළේ මෙසේය. ”දිලිප් විශිෂ්ඨතම නළුවෙකි. ඔහු හ`දුන්වා දිය හැක්කේ රඟපෑම් ක‍්‍රමයේ පරම නළුවා ලෙසය.’ (The Ultimate Actor in Method Acting)

ලේඛකයා – ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික නිලධාරියෙකි.
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment