ඉන්දීය සිර භාරයේ සිටින යාපනයේ ධීවරයින් දෙදෙනකු වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් යාපනයේ අනලතිව් ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයෝ ඌර්කාවතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (6 දා) උදෑසන විරෝධතාවයක් ආරම්භ කළහ.
එම ධීවර සංගමය කියා සිටින්නේ යාපනයේ අනලතීව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනකුගේ යාත්‍රාව ක්‍රියා විරහිත වීම නිසා එම යාත්‍රාව තමිල්නාඩුව දෙසට පාවී ගිය අවස්ථාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ඒ ධීවරයින් දෙදෙනා අත් අඩංග්වට ගෙන ටි්‍රචී ප්‍රදේශයේ බන්ධනාගාරයක රඳවා සිටින බවයි. මෙහි සත්‍ය තත්ත්වය යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජෙනරාල් කාර්යාලය හරහා ඉන්දීය රජයට දැනුම් දී තිබියදී අනලතීව් ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනා කිසිදු පරීක්ෂණයක් නොකොට ඉතා අසාධාරණ අන්දමට බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බව ද අනලතිව් ධීවර සංගමයේ නිලධාරීහු කියා සිටිති.
මෙසේ බන්ධනාගාර ගත කොට සිටින්නේ නාගලිංගම් විජයකුමාර් සහ තිරුචෙල්වම් මයිකල් ප්‍රනාන්දු යන ධීවරයින් දෙදෙනාය.
ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් යාපනයේ සිටින නියෝජ්‍ය කොන්සෝල් ජෙනරාල්වරයාට යළිත් මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කොට ධීවරයින් දෙදෙනාට යම් සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් ඌර්කාවතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරි පිට විරෝධතාවයක නිරතව සිටින අනලතිව් ධීවර සංගමය, ප්‍රාදේශීය ලේකම් එස්.මංජුලාදේවී මහත්මියගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.
දිනසේන රතුගමගේ