ඉන්දීය හෙලිකොප්ටර් අනතුරින් මිය ගිය ගණන ඉහළ යයි

199


ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට් සහ ඔහුගේ බිරිද මධුලිකා රාවට් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් ගමන් ගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වී 5 වර්ගයේ හෙළිකොප්ටර් යානය කඩා වැටීමෙන් පුද්ගලයන් එකොළොස් දෙනකු මියගොස් තිදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි අලුත්ම තොරතුරු අනුව වාර්තාවේ.. ඉන්දීය සුලූර් ගුවන් හමුදා කදවුරෙන් ගුවන්ගත වූ මෙම යානය තමිල්නාඩුවේ නීලගිරි ක`දුකරයට අයත් කුනූර් කැලෑබද ප‍්‍රදේශයට ඉහළ අහසේදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට්ගේ ආරක්‍ෂක සහකාර බි‍්‍රගේඩියර් එල්.එස්. ලීඩර් සහ ඔහුගේ සහායක ලූතිනන් කර්නල් හර්ජින්දර් සිං ඇතුළු පුද්ගලයන් දහහතර දෙනකු යානයේ ගමන් කර ඇත.
ජෙනරාල් බිපින් රාවට් ඇතුළු පිරිස ඉන්දියාවේ වෙලින්ටන්හි පිහිටි ආරක්‍ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය වෙත ගමන් කරමින් සිට ඇත.

මියගිය අය හා තුවාල ලැබූවන් කවුරුන්දැයි මේවන තුරුත් අනාවරණය නොවුණු අතර ජෙනරාල් බිපින් රාවට් සහ ඔහුගේ බිරිදගේ තත්ත්වය පිළිබදවද ඉන්දීය රජය නිල වශයෙන් නිවේදනය නොකළේය.

advertistmentadvertistment
advertistmentadvertistment