ඉන්දුනීසියානු පාපන්දු පිටියක තෙරපීමකින් 174ක් මියයති  180ක් තුවාල ලබති

107

ඉන්දුනීසියානු පාපන්දු තරගයක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 174 දෙනකු මිය ගොස් තිබේ. මෙය මෑතක වාර්තා වූ ලෝකයේ දරුණුතම ක්‍රීඩාංගණ ව්‍යසනයකි. මේ නිසා තවත් 180 කට වැඩි දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.

ඉන්දුනීසියානු පාපන්දු පිටියක තෙරපීමකින් 174ක් මියයති  180ක් තුවාල ලබති

පාපන්දු තරගයෙන් පසු කළහකාරී ලෙස හැසිරුණු ක්‍රීඩාලෝලීන්ට එරෙහිව පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු තෙරපීම සිදුව ඇත.

ඉන්දුනීසියානු පාපන්දු පිටියක තෙරපීමකින් 174ක් මියයති  180ක් තුවාල ලබති

 නැගෙනහිර ජාවාහිදී ඇරෙමා කණ්ඩායම විසින් තම ප්‍රතිවාදීන් වන සුරභයා කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් මේ උණුසුම් තත්ත්වය උදාවී ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා අවසන් වනතුරු ඉන්දුනීසියාවේ ටොප් ලීග් තරගාවලියේ සියලුම තරග නතර කළ යුතු බවට ජනාධිපති ජොකෝ විඩෝඩෝ නියෝග කර තිබේ.

ඉන්දුනීසියානු පාපන්දු පිටියක තෙරපීමකින් 174ක් මියයති  180ක් තුවාල ලබති

ඉන්දුනීසියානු පොලිස්පතිවරයා පවසන ආකාරයට තෙරපීම හටගත්තේ නරඹන්නන් අතරේ බහින්බස් වීමක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක් ආරම්භ වීමෙන් පසුවය. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රීඩාංගණයට පැමිණ කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් කළහකාරී පිරිස පාලනය කිරීමට උත්සාහ දරා ඇත.

 ගුටිබැට හුවමාරුව ආරම්භ වෙද්දී, නරඹන්නන් කලබල වී ක්‍රීඩාංගණයෙන් පිටවී යෑමට පොරකද්දී, තෙරපීම හටගත් බව විදෙස් මාධ්‍ය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment