ඉන්දුනීසියාවේ කොරෝනා වසංගතයෙන් අවතැන් වූ සුරතල් සතුන් රැක බලා ගැනීමේ සේවාවක්

216

ඉන්දුනීසියාවේ ශීඝ‍්‍රයෙන් පැතිරෙන කොරෝනා වසංගත රැුල්ල හේතුවෙන් අවතැන්ව ඇති බල්ලන් ,පුසන් ඇතුළු සුරතල් සතුන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ .ඉන්දුනීසියාවේ සත්ත්වයන් සුරැුකීමේ සංවිධානයකට සම්බන්ධව කටයුතු කරන ඬේසි සිස්වන්ටෝ හා ඇයගේ සැමියා වන ටෝනි විසින් මේ වන විට කොරෝනා ආසාදනයට ගොදුරු වූ හා එම ආසාදනයට ගොදුරු වී මිය ගිය පුද්ගලයන් විසින් ඇති දැඩි කරමින් සිටි අවතැන් වූ බල්ලන් හා පුසන් 40 දෙනකු සිය භාරයට ගෙන ඔවුන් වෙනුවෙන්ම සකස් කළ මධ්‍යස්ථානයක රඳවා තැබීමට පියවර ගෙන තිබේ.

 මෙම කොරෝනා වසංගතයෙන් අවතැන් වූ සතුන් රැුක බලාගැනීමේ මධ්‍යස්ථානයේ බල්ලන් හා පුසන් 50 දෙදෙනකු බැගින් රඳවා තබා ගැනීමේ පහසුකම් පවතී .දැනට ස්වේච්ජා සේවකයන් පස් දෙනකුගේ සහයෙන් පවත්වාගෙන යන මෙම සේවාව යටතේ කොරෝනා ආසාදනයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින පුද්ගලයන් හා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන් විසින් ඇති දැඩි කළ අවතැන්ව සිටින බල්ලන් හා පුසන් සිය භාරයට ගෙන රැුක බලා ගන්නා අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඇතැම් හිමිකරුවන්ට රැුක බලා ගත නොහැකි සුරතල් සතුන් වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය සේවාවන් සැපයීමද සිදු කරයි.


advertistmentadvertistment