ඉන්දුනීසියාවේ නව අගනුවර ලෙස ‘නුසැන්ටරා’ නම් කෙරේ

510

ඉන්දුනීසියාව සිය රටේ නව අගනුවර ලෙස ‘නුසැන්ටරා’ නගරය නම්කර තිබේ. ‘දූපත් සමුහය’ යන අර්ථය ගෙනදෙන ‘නුසැන්ටරා’ නගරය ඉන්දුනීසියාවට අයත් බෝර්නියෝ දුපතෙහි පිහිටි නැෙ`ගනහිර කලීමන්ටාන් පළාතේ ඉදිකෙරෙන බව ඉන්දුනීසියානු රජය විසින් නිවේදනය කර තිබේ.

 ඉන්දුනීසියාවේ වත්මන් අගනුවර වන ජකර්තා නගරයේ පවතින තදබදය, පරිසර දුෂණය හා ගිලාබැසීම ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් මෙසේ නව අගනගරයක් නම්කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. 2019 වසරේදී නව අගනගරය ජකර්තා නගරය පිහිටි බෝර්නියෝ දුපතෙන් කිලෝ මීටර් 1300ක් ඇතින් ඉදිකිරීමට යෝජනා වී තිබූ අතර පාරිසරික හේතුන් මත එම අදහස වෙනස් කිරීමට බලධාරීහු තීරණය කර තිබේ. ‘නුසැන්ටරා’ නගරය ඉදිකෙරෙන නැෙ`ගනහිර කලිමන්ටාන් පළාත කැලැ බහුල ඔරන්ඔටන් සතුන් අධිකව වාසය කරන පළාතක් වන අතර එහි ජනගහනය මිලියන 3.7ක් බව වාර්තා වේ. නව අගනගරය ඉදිකිරීමේ කටයුත්ත සඳහා ඉන්දුනීසියානු රුපයා ටි‍්‍රලියන 466ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment