ඉන්දු ලංකා ගිවිසුමට වසර 34 යි – එදා පත්තරෙන්

193

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර අදට (29) වසර 34 ක් ගතවේ. එහෙත් මේ ගිවිසුම සහ ඊට මුල් වූ හේතුන් මෙරට ජනතාවගෙන් බොහෝ දෙනකුට අමතක වී ඇත.

 එදා ඉන්දීය අගමැතිව සිටි රජිව් ගාන්ධි ශ‍්‍රී ලංකාවේ ජනපති ජේ. ආර්. ජයවර්ධනට තර්ජනය කර එකී ගිවිසුමට අත්සන් කරනු ලැබීය.

 මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අවි ආයුධ බාරදෙන බව කොටි පැවසූවත් පරණ අවි ස්වල්පයක් ඉන්දීය හමුදාවට ලබාදී ප‍්‍රභාකරන්  ගාන්ධි මෙන්ම ජේ. ආර්. ජයවර්ධන ද රැවටීමට ක‍්‍රියා කළේය.

ඉන්දු ලංකා ගිවිසුමට වසර 34 යි - එදා පත්තරෙන්

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා පැමිණ අගමැති රජිව් ගාන්ධි සඳහා වූ ආචාර පෙළපාලියේදී නැවියකු වූ විජිත් රෝහණ තුවක්කුවේ පසුපස කොටසින් රජිව්ට පහර දුන් අතර එය වැදුනේ උරහිසටය.

 එදා රජිව් ගාන්ධි දිවි ගලවා ගත් නමුත් පසුව තමිල්නාඩුවේ ශ‍්‍රී පෙරුම්බුදුර්හි මැතිවරණ රැුලියකට පැමිණි රජිව්, ධනු නමැති කොටි බෝම්බකාරියට ගොදුරු විය.

 රජිව් ගාන්ධි ඝාතනය කළේ ප‍්‍රභාකරන් යැයි වසර කීපයකට පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් විසින් නෝර්වේ ඇමැතිව සිටි එරික් සෝල්හයිම්ට හෙළි කළේය. මෙම බිහිසුණු ඝාතනය ගැන ප‍්‍රභාකරන් තම සගයන්ට පැවසූවේ රජිව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් තමා මත පටවා ද්‍රෝහී වූ බවයි. එහෙත් රජිව් තම වෙඩි නොවදින කබාය පවා ප‍්‍රභාකරන්ට තෑගි කර තිබුණි.

මෙම පසුබිම මැද 1987 ජුලි 29 දා රජිව් සහ ජේ. ආර්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පැය කීපයකට පසු ඉන්දීය ගුවන් හමුදාවේ ඇන්ටනෝව් ප‍්‍රවාහන යානා ඉන්දීය සාම හමුදා භටයන් රැුගෙන පලාලි ගුවන් තොටුපළට ළඟා වූහ. එම ඉන්දීය ගුවන් යානා එනතුරු පලාලි ගුවන් තොටුපළේ ශී‍්‍ර ලංකා හමුදා ප‍්‍රධානියා දැන සිටියේ නැත.

ඉන්දු ලංකා ගිවිසුමට වසර 34 යි - එදා පත්තරෙන්



 ඉන්දීය සාම හමුදාවේ නිලධාරින් වූ ජනරාල් කල්කට්, ජනරාල් රොඞ්රිගුස්, අශෝක් මෙහෙතා ඇතුළු නිලධාරින් ද පලාලි වෙත පැමිණියහ. අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම ප‍්‍රකාරව ප‍්‍රභාකරන් කටයුතු කළේ නැත. ශ‍්‍රී ලංකා හමුදාව බැරැක්කවලට සීමා විය.

 තත්ත්වය මෙසේ තිබියදී කොටි සහ ඉන්දීය සාම හමුදාව අතර ගැටුම් ඇති විය. ඉන්දීය භටයන් රැසක් මරුමුවට පත්වීමෙන් පසු ඉන්දියාව මුලතිව් කැලයට ගුර්කා සේනාංකයක් එවනු ලැබීය. අඑහෙත් ගුර්කා භටයන් රැුසක්ද මරුමුවට පත් වූහ. මේ පසුබිම මත ප‍්‍රභාකරන්ට වෙඩි තබා මරාදමන ලෙස රජිව් ගාන්ධි ඉන්දීය සාම හමුදාවේ සීක් ජනරාල්වරයකුට කළ නියෝගය ප‍්‍රතික්‍ෂේප විය.

 ‘මම මිනිසුන්ගේ පිටුපසින් වෙඩි තියන්නේ නැතැයි’ පැවසූ සික් ජනරාල්වරයා රජිව්ගේ ඉල්ලීම ගැන තැකීමක් කළේ නැත. 1990 ඉන්දීය සාම හමුදාව මෙරටින් පිටට ගියේ කොටි පරාජය කිරීමකින් තොරවය. ඔවුන් චෙන්නායි නුවරට ගොඩබසින විට තමිල්නාඩු රජය එම සෙබළුන්ට ආචාරය පුදකිරීම ප‍්‍රතික්‍ෂේප කළේය.

 ඉන්දීය සාම හමුදාව මෙරට ක‍්‍රියාත්මක වන සමයේ පලාලි කඳවුරේ සිටි බි‍්‍රගේඩියර් ජයරත්න සහ ඉන්දීය සාම හමුදාවේ ජනරාල් රොඞ්රිගුස් අතර ගැටුමකට මග පෑදිණි. ඒ නාවික හමුදාව උතුරු මුහුදේදී අල්ලාගත් කුට්ටිමනි ඇතුළු හොර ජාවාරම් කරන කොටි කණ්ඩායමක් එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිගේ නියෝගය මත කොළඹට එවීමට කටයුතු සැලසීමට බි‍්‍රගේඩියර් ජයරත්න ක‍්‍රියාකිරීමයි.

 කොටි කොළඹ ගෙන යෑමට මම ඉඩ දෙන්නේ නැහැ. එසේ බී. එම්. පී. යුද රථ බාධක දමා ගමන් මාර්ගය අහුරනවා’ යැයි ජනරාල් රොඞ්රිගුස් කෑගැසුවේය.

 මම නුඹේ යුද රථවලට වෙඩි තබනවා යැයි බි‍්‍රගේඩියර් ජයරත්න ද ඝෝෂා කළේය. මෙලෙස ඉන්දු ලංකා ගැටුමක් ඇතිවීමට ආසන්න වූ අවස්ථාවේ පලාලි කඳවුරේ සිට කොටි කණ්ඩායම සයනයිඞ් කරල් ගිල දිවි නසා ගත්හ. මේ නිසා ඉන්දු ලංකා යුද්ධයක් ඇතිවීම වැළකිණි.

 එහෙත් කොටි සංවිධානය ඉන්දීය සාම හමුදාව විශ්වාස කළේ නැත. මේ ඉන්දු ලංකා ගිවිසුම මෙරට පළාත් සභා ක‍්‍රමයට ද මුලපිරුවේය. ජේ. ආර්. රජය ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ දැඩි මර්දනයක් යටතේයි. ඉන්දු ලංකා ගිවිසුම 13 වැනි සංශෝධනයට ද යොමු විය.

 මෙම ගිවිසුම ක‍්‍රියාත්මක වූ සමයේ ඉන්දීය සාම හමුදා ජනරාල්වරු ශ‍්‍රී ලංකාවේ නීතියට අවනත වූයේ නැත. මුළු පලාලි කඳවුරේ ම පාලනය ගෙනයනු ලැබුවේ ඉන්දීය හමුදා ජනරාල්වරුන්ය. 1987 ජුලි 29 දා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම තම මරණය තීරණය කර ඇති බව රජිව් ගාන්ධි සිතුවේ නැත. ඔහුට වැරදුනේය. වන්නියේ සිට හෙලිකොප්ටර් මගින් නවදිල්ලියට ගෙන ගොස් සුපිරි හෝටලයක නතර කර සිටි ප‍්‍රභාකරන් පැවසුවේ තමා ගිවිසුමට එකඟ නොවූ බවත් ඉන්දීය නිලධාරීන් තර්ජනය කළ බවත්ය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප‍්‍රභාකරන් විසින් තිලීපන් නම් වූ කොටි ත‍්‍රස්තයා ලවා යාපනයේ උපවාසයක් ආරම්භ කළේය. ඉල්ලීම් කීපයක් මත තිලීපන් ආරම්භ කළ එම උපවාසයේ ප‍්‍රධාන ඉල්ලීම වූයේ උතුරේ සිටින ශ‍්‍රී ලංකා හමුදාව පිටව යා යුතු බවයි.

 ඉන්දු ලංකා ගිවිසුමට වසර 34 ක් සපිරෙන අවස්ථාවේ ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි සංවිධානය පරාජය වී වසර 12 කි. මේ ගිවිසුම සමයේ ඉන්දීය සාම හමුදාවේ හමුදා බුද්ධි ප‍්‍රධානියා කර්නල් හරිහරන්ය. එහෙත් ඔහුගේ බුද්ධි සේවාවට ප‍්‍රභාකරන් සිටින ස්ථානය දැන ගැනීමට නොහැකි විය.

 ඉන්දියාව මෙම ගිවිසුම යෝජනා කළේ ප‍්‍රභාකරන් විසින් තමිල්නාඩුව ද එක්කර වෙනම රටක් බිහිකිරීමට කටයුතු කළහොත් එය ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් වන නිසා යැයි කරීම් ලප්කාර් නමැති විද්වතා පවසා තිබුණි. එහෙත් ඉන්දීය සෙබළු 1100 කට අධික සංඛ්‍යාවක් උතුරු නැගෙනහිරදී මරුමුවට පත් වූහ. මේ නිසා කොටි ජාත්‍යන්තර ජාලය පැවසුවේ ඉන්දීය හමුදාවට පරාජය කළ නොහැකි කොටි සංවිධානය ශ‍්‍රී ලංකා හමුදාවට පැරදිය නොහැකි බවය. මගේ සොහොයුරාව ඉන්දු ලංකා ගිවිසුමෙන් පරාජය කිරීමට නොහැකි වුණා. එසේ නම් ශ‍්‍රී ලංකා හමුදාව ගැන කවර කතාද යැයි ප‍්‍රභාකරන්ගේ සොහොයුරිය වූ විනෝදනී කැනඩාවේ සිට පැවසුවාය. එහෙත් විනෝදනීටද වැරදුණි. එදා නැවි විජිත් රෝහණගේ තුවක්කු බඳේ පහරවැදී රජිව් මියගියා නම් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ තවත් ප‍්‍රාන්තයක් වීමට ඉඩ තිබුණි.

 මේ අතර ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොළඹදී පැවැති විරෝධතාවලට පොලිසිය වෙඩි තැබුවේය. එහිදී කීදෙනෙක් මියගියේ ද යන්න අද වනතුරු හෙළි වී නැත.

 කීර්ති වර්ණකුලසූරිය

 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම හා රජිව් ගාන්ධි මෙහි පැමිණීම 1987 ජුලි 30 දා ‘දිවයින’ වාර්තා කර තිබූ අයුරු. පිටපත් කිරීම – නිශාන් එස්. පි‍්‍රයන්ත

 රජිව් ගාන්ධි අගමැතිවරයා ආචාර පෙළපාලිය පිරික්සීමේදී පහර කෑමට ලක්වූ අයුරු හා පහර දුන් නාවික සෙබළ විජිත් රෝහණ – පිංතූරය සේන විදානගමගේ

advertistmentadvertistment