● V8 එකෙන් ගිහින් පාන් රාත්තල ගේන මිනිස්සු
● බස් හෝල්ට් එකක දුර පයින් යන්න බැරි මිනිස්සු
මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස මෙතෙක් පැවතියේ මොනවාද?
- ආහාර 2. ඇඳුම් 3. නිවාස
අරාබියේ හජ්ජියාර්ලා ලංකාවට තෙල් නොඑවීම සහ වත්මන් පාලකයන් ඩොලර් හොරා කා ඩොලර් හිඟවීම නිසා ලංකාවට දැන් ඉන්ධන අර්බුදයක් ඇතිවීම නිසා ඉන්ධන පෝලිම්වල දින 3-4 මෙන්ම ඇතැම් විට දින 7-8 රස්තියාදු වන අහිංසක ජනතාව දුටුවිට මිනිසාගේ මූලික අවශ්‍යතා කලින් කියූ ආහාර, ඇඳුම් හා නිවාස යන මොන මගුලක්වත් නොව මෙරට ජනතාවගේ මූලික අවශ්‍යතා ගොනුකළ හැක්කේ මෙසේය.
එනම් ලංකාවේ පොදුජනතාවගේ මූලික අවශ්‍යතා වනාහි
- ඉන්ධන 2. ඉන්ධන// 3. ඉන්ධන ///
රට මෙතරම් ඉන්ධන අර්බුදයක දැවෙද්දී ව්‍යවස්ථා සංශෝධනයක් ගැන දැන් අමුඩ ගහන්නේ ව්‍යවස්ථා සම්පාදක ඔස්තාර් තැන්පත් විජේදාස රාජදාස උන්නාන්සේය. විජේදාසගේ ටිකිරි මොළේ සම්මත කරගන්නා ව්‍යවස්ථා සංශෝධනයේ පිටපත බැගින් තෙල් පෝලිම්වල ඉන්නා ජනතාවට දුන් විට එය වඩාත් ප්‍රයෝජනවත්ය. ඉන් ගතහැකි ප්‍රයෝජන 3කි. එයින් මුල් එක දින ගණන් විඩාවට පත් ජනතාවට දාඩිය පිසදා ගන්නට එය ප්‍රයෝජනවත්ය. ඒත් නැත්නම් ව්‍යවස්ථා සංශෝධනය පුච්චා නළලේ අළු ගා ගත හැකිය. මේ කොයි එකටත් වඩා ප්‍රයෝජනවත් පෙට්‍රල් පෝලිමේ දින ගණනාවක් ඉන්නා විට හදිසියකදී බහිස්‍රාවිය කටයුත්තකදී වතුර නැති නිසා පශ්චාත් භාගය පිසදමා ගැනීමට ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල සිරාවටම ප්‍රයෝජනවත් නිසාය.
ලංකාවේ තරම් ‘වාහන උණක්’ ඇති ගොයියන් ටිකක් ඉන්න රටක් ලෝකේ නැත. තාත්තට පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 4ක් දුවන V8 එකය. අම්මාට ෆුල්ඔප්ෂන් කාර් එක. එතකොට පුතාට එක ජීප් එකක් දුවට නම් ඉතිං හැච්බැක් පොඩි කාර්එක. ගෙදර බට්ටා වෑන් එක නම් වෙන්කොට ඇත්තේ ගෙදර බලු තඩියා නොහොත් දඩෝරියාට සනීප නැති වුණොත් ‘ඇනිමල් ක්ලිනික්’ එකට රැගෙන යන්නටය.
උදේට නැගිටින අප්පොච්චා ගෙදරට ඕන පාන්ගෙඩිය ගේන්නට බේකරියට යන්නේ V8 ජීප් රථයේ දත් කැක්කුම හැදෙන තරම් AC දාගෙනය. පාන් ගෙඩිය රුපියල් 200ක් නැති වුණත් බේකරියට V8 එකෙන් ගොස් ගෙදරට එන්නට යන වියදම රු. 500කට වැඩිය. තමන් මේ පාන් ගෙඩියක් ගේන්නට පෙට්‍රල් ලෙස පුච්චන්නේ මෙරට විදේශ විනිමය බව අප කවුරුත් සිතන්නේ නැත.
අපේ සමාජය පොදුවේ ගත් කල ‘ආශිර්වාද ලෙස ලැබෙන දායාදයන් විග්‍රහ කරන්නේ ‘උවදුරු’ ‘අර්බුද’ ලෙසය. වහින දවසට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියන්නේ අයහපත් කාලගුණයක් කියාය.
ගංවතුරට කියන්නේ ගංවතුර උවදුර කියාය. ඒත් එස්. ඒ. වික්‍රමසිංහ පොතකට ලියා ඇත්තේ ජල කළමනාකරණය ගැනය. මේ දැවැන්ත ජල කඳ වික්ටෝරියා වැනි වේලි තනා ජල විදුලිය ගන්නට දේශපාලකයන් පියවර නොගත්තේ පෞද්ගලික විදුලි බලාගාරවලින් ලැබෙන කොමිස් එක නැතිවන නිසාය.
දැන් ඉන්ධන සම්බන්ධයෙන් රටේ උද්ගතව ඇති තත්ත්වය බොහෝ දෙනා විග්‍රහ කරන්නේ ‘අර්බුදයක්’ ලෙසය. එහෙත් මේ අර්බුදය මේ රට ගොඩනැගිය හැකි ‘ටර්නින් පොයින්ට්’ එකක් කරගන්නට කවුරුත් සිතුවේ නැත.
රටේ ඉන්ධන නැතුව අර්බුදයක් ඇතිවුණා කිව්වාට කවුරුත් තමන්ගේ වාහනයේ AC Off කරන්නට නොගියේ රටට ආදරේ ඇති දේශප්‍රේමීන් ලෙසය. පෙට්‍රල් පෝලිමේ ඉන්නේ ද, AC දාගෙන පැය දහය දොළහ ‘කූල්’ එකේය. අපේ රටේ ඉන්ධන කළමනාකරණය ගැන ජනතා අනවබෝධයට එය කදිම සාක්ෂියකි. ජේ. ආර්. ජයවර්ධන යුගයේ රටේ මහා ඉන්ධන කලමනාකරණයක් ඇති කිරීමට වාහනවල AC දාගෙන යෑම තහනම් කළ යුගයක්ද විය.
මෙරට වත්මන ඇතිවී ඇති ඉන්ධන පෝලිම් දුටු විට එක් ප්‍රත්‍යක්‍ෂ කරුණක් වන්නේ මෙරට ජනතාව වාහන පදවමින් ඔබ මොබ සංචාරයට දැඩි කෑදරකමක් දක්වන බවය. පොසොන් දින නාලිකාවක ත්‍රිරෝද රියැදුරකු මෙසේ පැවසීය.
‘යන්තම් ආටා එකට පෙට්‍රල් ටිකක් ගහගෙන පොසොන් ටිකක් පෙන්නුවා. තව පෙන්වන්න පෙට්‍රල් නැහැ.’
මෙයින් කියවෙන්නේ රටේ කෙතරම් ඉන්ධන අර්බුදයක් තිබුණත් වෙසක් බැලීම, පොසොන් බැලීම අත්‍යවශ්‍ය කාරණා බව නොවේද? මේ සියල්ලටම හේතුව මෙරට ඉන්ධන කළමනාකරණය ගැන ජනතාව දැනුවත් නොවීමය. ගාල්ල කොළඹ අධිවේගී මාර්ගය විවෘත කළ අලුත බොහෝ දෙනකු මගතොට බලන්නට වාහනවල නැග විදේශ ඩොලර් විනිමය නොහොත් තෙල් පුච්චාගෙන ගියේ මේ නිසාය.
ලංකාවේ නිදහසින් පසු ආණ්ඩු කිසිවක් ඉන්ධන අධිකව දැවෙන වාහනවලට නොහොත් අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු වාහනවලට තහනමක් පැනවූයේ නැත. කලින් කී පාන් ගෙඩිය ගේන්නට ගිය V8 රථයකට ඉන්ධන ටැංකියට ලීටර් 120ක් ගැසිය හැකි තරම් ‘ඉන්ධන කාබාසිනියා’ කරන බවට අපේ ආණ්ඩු තේරුම් ගත්තේ නැත.
මෙරට ජනතාව තම පෞද්ගලික වාහනයක් සිහිනයක් කරගත්තේ මෙරට පොදු ප්‍රවාහන මාධ්‍යවල දුර්වලතා හේතුවෙනි. මෛත්‍රිපාල ජනපති සටනේ පොරොන්දු ප්‍රකාශයේ එක් පොරොන්දුවක් වූයේ සෑම නිවසකටම කුඩා මෝටර් රථයක් හිමිකර දීමය.
මේ ඉන්ධන පෝලිම්වල ජනාධිපතිතුමාගේ මෑණියන් ගෞරවයෙන් සිහිකරමින් දත්මිටිකන වාහන හිමියන් පෝලිමේ ඇති බහුතරයක් වාහන තීරුබදු ගෙවා මෙරටට ගෙනා වාහනය. දැන් අලුතින් ඉන්ධන ගේන්නට ආණ්ඩුවට ඩොලර් නැති වුණත් මේ පෝලිමේ සිටින වාහන හිමියන් කිසිවකු ‘ණයට’ තම වාහනවලට ඉන්ධන ලබාගන්නේ නැත. ආණ්ඩුව නැති ඩොලර් සොයන්නට පෙර කළ යුත්තේ රටේ තිබුණු ඩොලර් හොරා කා රට පටවපු ජාවාරම්කාරයන් හිර භාරයට ගැනීමයි. ඊටත් වඩා ඉන්ධන රැස්කර භූමිතෙල් බෝතලය රු. 800, පෙට්‍රල් ලීටරය රු. 1250 මෙන්ම ඩීසල් ලීටරය රු. 1000ට විකුණන ජාවාරම්කාරයන් අල්ලා ඔළුවට වෙඩි තියනතුරු මේ ආණ්ඩුවට ඉන්ධන ගොඩ යෑමක් නම් නැත.
මෛත්‍රිපාල ආණ්ඩුව පෙට්‍රල් මිල අඩු කරන විට හිටපු ජනපති මහින්ද අභියෝග කළේ පෙට්‍රල් අඩුකොට ආණ්ඩුව ගෙනයන හැටි පෙන්වන ලෙසය. ඒත් මෛත්‍රි යුගය අවසන් වනතුරුත් මෙවැනි ඉන්ධන අර්බුදයක් ආවේ නැත. ඉන්ධනවල සූත්‍රය නිර්මාණය කළ මංගල සමරවීර සමාන අවමානයට එකල ලක්වුවත් අද ඔහුගේ දූරදර්ශී නුවණ ඇගැයීමට ලක්වෙමින් පවතී.
ඉන්ධන කළමනාකරණය මෙරට පාසල් විෂය මාලාවට ඇතුළු කළ යුත්තේ මෙරට ජනතාව අනවබෝධයෙන් ඉන්ධන කාබාසිනියා කරන නිසාය. දැන් කාටත් බස් හෝල්ට් එකක්වත් පයින් යෑමට වාහනයක් නැතුව බැරිය. රටේ ජාතික ආර්ථිකය තුළ ඉන්ධන ආනයනයට යන වියදම පාසල් විෂය මාලාවට අන්තර්ගත කළ හැකිය. ශරීර සෞඛ්‍යයට හිතකර පයින් ගමන් කිරීම, පාපැදි භාවිතය තුළින් විදේශ සංචිත රැකගන්නා ආකාරය හුවා දැක්වීමෙන් මහා ඉන්ධන උපයෝගීතාවක් සහිතව භාවිතා කරන අනාගත පරපුරක් බිහිකර ගත හැකිය. ජපානය වැනි රටවල පාසල් සිසුන් පාපැදියෙන් පැමිණීම අනිවාර්ය අතර වාහනයකින් දරුවා පාසලට ඇරලීම සිවිල් වරදක් තරම් වේ.
පෞද්ගලික වාහනවල විනෝද චාරිකා යනවා වෙනුවට ඉතා සුන්දර දුම්රිය භාවිතයට ජනතාව යොමු කිරීමට මෙරට ඉන්ධන අධික ඉල්ලුම සල්ලන් කිරීමට හේතු වනු ඇත. ඉස්සර ‘පෙර ගමන්’ ආරක්‍ෂාව සමග ගමන් කළේ අගමැති ජනපති ආදීන්ය. අද පෙට්‍රල් බවුසර්ය. ‘පෙර ගමන්’ ආරක්‍ෂාව දෙන්නේ මහජන මුදලිනි. පොලිසියත්, හමුදාවත්, නේවි එකත් දැන් ඩියුටි ෂෙඩ් එකේය. පෙට්‍රල් නැවක් ඒමත් දැන් ප්‍රවෘත්තියක් වී තිබේ. ඉන්ධන කළමනාකරණය ඉස්කෝලේ ඉගෙන ගත්තා නම් පෙට්‍රල් පෝලිම්වල මිනිස්සු මැරෙන්නේ නැත. ඊටත් වඩා මේ නොකියා කියන්නේ ‘කාන්චනතුමා’ පෙට්‍රල් හිඟමනට කටාර් ගියේ ‘එමිර්තුමාගේ’ කටාර් දැරිටි මිලියන 300ක් ලංකාවේ ෆේල් ජනාධිපති ‘උළා කෑ’ බව නොදැන විය යුතුය. කෙසේ වුවත් මේ දැවැන්ත පෝලිම් රටට ඩොලර් ආවත් අරාබියේ තෙල් අයිති ලෙබ්බෙලා තෙල් ලංකාවට දීම ප්‍රතික්‍ෂේප කළහොත් මුළු ජාතියටම පෝලිම්වල මියයෑමට සිදුවන බව නොවේද?
ප්‍රවින් දේවින්ද්‍ර