ඉන්න අයට අස්වෙන්න කියයි – පළාත් හතරකට නව ආණ්ඩුකාරවරු

270

බ්‍රිතාන්‍යෙය් III වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳහා එරටට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණි පසු පළාත් හතරකට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් සඳහා මෙලෙස නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතය.

දැනට නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස අනුරාධා යහම්පත් මහත්මියද, උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා, සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව සහ ඌව ආණ්ඩුකාරවරයා ලෙස ඒ. ජේ. එම්. මුසම්මිල් යන මහත්වරු ද කටයුතු කරති.

මෙම ආණ්ඩුකාරවරුනට ඉල්ලා අස්වන ලෙසට මේ වන විට ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment