වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කිරීම තේරුමක් නොමැති බැවින් තමා එම ධුරයෙන් ඉවත් වූ බව ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.
ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් පෙරේදා (14 දා) ඉල්ලා අස්විය.
වී අලෙවි මණ්ඩලය පවත්වාගෙන යෑමේ පරමාර්ථය වී සඳහා සහතික මිලක් නියම කර පවත්වාගෙන යෑම බවත් හෙතෙම පැවසීය.
සිය ධුරයේ කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් මත ඉල්ලා අස්වූයේ දැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ එවැනි කිසිදු හේතුවක් නිසා නොව තම පෞද්ගලික මතය අනුව මෙම තීරණය ගත් බවය.
දීර්ඝ කාලයක් එහි සේවය කළ තමාට සභාපති ධුරයෙන් ඉවත් වීමට සුදුසු කාලයැයි සිතා තමා එම තීරණය ගත් බව වැඩිදුරටත් සඳහන් කළ හෙතෙම ඉදිරියටත් දිය හැකි සහයෝගය ලබාදෙන බවත් පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරු දෙදෙනෙක් ද මෙයට පෙර ඉවත් වූහ.
අනුර බාලසූරිය, චමින්ද සිල්වා