ඉරට්ටකුලම අනතුරේ මරණ ගණන 3ට නගී

194

මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී පෙරේදා (04 දා) උදේ සිදුවූ මාරක ලංගම බස් – ලොරි ගැටුමින් මියගිය සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ නැග ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.

මෙම අනතුරින් ලංගම බස් රථයේ රියැදුරු තරින්ද චන්දික, අනුර බණ්ඩාර පෙරේදා සවස මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

අනතුරින් තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටි තවත් එක් අයෙක් පෙරේදා රාත්‍රියේ මිය ගියේය.

එසේම හලාවත දිස්ත්‍රික් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක ඊයේ (05 දා) අලුයම මියගොස් ඇතැයි ද පොලිසිය කීය.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ පහළ කොටිරාමුල්ල බදුවත්ත පදිංචිව සිටි සුරංග ප්‍රියන්ත නමැති දෙදරු පියෙකි.

හලාවත රෝහලේදී මියගොස් ඇත්තේ 70 හැවිරිදි චන්ද්‍රා විජේරත්න නමැති අයෙකි.

අනතුරින් තුවාල ලැබූ තවත් 26 දෙනෙකු හලාවත දිස්ත්‍රික් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment