ඉරණම වෙනස් කළ මනෝරිගෙ කරණම… අබ්ලික් Story

198

මේ සිද්ධිය වුණේ මීට වසර කීපයකට උඩදීය. ඒ වෙනකොට පිටකොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙලා හිටියේ ජයරත්න මනම්පේරි මහතායි.

මේ අසුන්දර කථාවේ කථා නායිකාව වුණේ මනෝරි. සැබෑම රූමත් තරුණියක් වූ මනෝරි පදිංචිවෙලා හිටියෙ මහනුවර. රූප සම්පත්තියෙන් අනූන වුණත් මනෝරි කිසිම හැදියාවක් නැති වැඩිහිටියන්ට ගරු නොකරන ඔවුන්ගේ ඔවදන් පිළිනොගන්නා දඩබ්බර කෙල්ලක් කිව්වොත් නිවැරදියි.

 උඹ අපිව කණ්ඩ ආව එකියක් කවදා හරි උඹ අපේ මූණේ දැලිගානවා ඒක විශ්වාසයි.

ඉරණම වෙනස් කළ මනෝරිගෙ කරණම... අබ්ලික් Story

මනෝරිගෙ දඩබ්බර ගතිගුණ හමුවේ අසරණවෙලා සිටිය දෙමව්පියෝ ඇයව නොසලකා හරින්න පටන් ගත්තා. පාසල් අධ්‍යාපනයත් අතරමගදී කඩා ඉහිරව ගත්ත මනෝරි ගමේ කොල්ලො ගොඩක් දෙනෙක් එක්කම පේ‍්‍රම සම්බන්ධතා ගොඩනගාගෙන හිටියා.

 මට දැන් මේ ගෙදර ඉඳලා ඇතිවෙලා. වෙලාවක යනවා ඔළුව හැරුණු අතේ නිතර නිතරම මහළු මව්පියන් එක්ක ගැටුම් ඇතිකර ගත්ත මනෝරි ඔවුන්ට තර්ජනය කළා.

 කොහොම කොහොම හරි මේ ගැටුම් දුරදිග ගිහිල්ලා මනෝරි පැදුරටත් නොකියා ගෙදරින් පිට වුණා. මහනුවරින් දුම්රියට ගොඩවූ මනෝරි කොළඹ ගෙන්දගම් පොළවට පය ගහන්නේ කිසිම අරමුණක් නැතිවයි. කොටුව දුම්රිය ස්ථානයෙන් පිටවූ ඇය කිසියම් චකිතයකින් යුතුව හැසිරෙන්න වුණා.

 ඒ වෙනකොට දෙතුන් වතාවකට වැඩිය කොළඹ ඇවිත් නොතිබූ නිසා මනෝරි ඇත්තටම හිටියේ මහා භීතියෙන් යුතුවයි.

 නංගි කොහෙද යන්නේ ඔයා කා එක්කද කොළඹ ආවේ.

 ජනාකීර්ණ පිටකොටුවෙන් එකවරම මතුවූ තරුණයකු මනෝරිගෙන් විමසුවා.

 බොහොම ප‍්‍රසන්න පෙනුමක් තිබුණු තරුණයා කෙරෙහි මනෝරිගෙ හිතේ එක්වරම ඇතිවුණේ පැහැදීමක්.

 අනේ අයියෙ මම ගෙදරින් තරහ වෙලා ආවේ. මොකක් හරි රස්සාවක් හොයා ගන්න හිතාගෙන තමයි කොළඹට ආවේ. දැන්නම් බයත් හිතෙනවා මනෝරි ගැහෙන හදින් යුතුව කියන්නට වුණා.

 මේ කොලොම්පුරේ ඉන්නේ බොහොම නරක මිනිස්සු. හොඳ වෙලාව මට නංගිව මුණ ගැසුණේ මේක තනියම කරක් ගහන්න හොඳ තැනක් නෙවෙයි.

 ආගන්තුක තරුණයා මනෝරිට කොළොම්පුරේ භයානක කම ගැන විස්තර කියන්න ගත්තා. නාඳුනන තරුණයා ලලිත් තිස්විය ආසන්නයේ සිටි තරුණ කඩවසම් පෙනුමක් ඇති අයෙක්.

 අනේ අයියේ මං දන්න කියන කිසිම කෙනෙක් කොළඹ නැහැ. මට උදව් කරන්න. මට මොකක්හරි හොඳ රස්සාවක් හොයලා දෙන්න. ඒ වෙනකොට දැඩි ලෙස අසරණවී සිටි මනෝරි ලලිත් ඉදිරියේ ආයාචනා කරන්න වුණා.

 මං කම්පැණි එකක වැඩ කරනවා. ඒකෙ ලොක්කා මගේ හොඳ යාළුවා. මම ඔයාට එතන රස්සාවක් අරගෙන දෙන්නම් එන්නකො මාත් එක්ක යන්න මගේ බෝඩිම තියෙන්නෙ මේ ළ`ගමයි.

 ලලිත්ගේ උපදෙස් අවවාද හිස් මුදුනින් පිළිගත්ත මනෝරි තාත්තා පිටුපස යන පොඩි දරුවෙක් වගේ මේ නාඳුනන තරුණයා පසුපස යන්න වුණා.

 ජනාකීර්ණ පිටකොටුවේ අතුරු මාර්ගයක් ඔස්සේ ගිය ලලිත් මහල් කීපයකින් සමන්විත ගොඩනැගිල්ලකට ඇතුළු වුණා. මනෝරි හිතුවෙ මේක ලලිත් නතර වෙලා ඉන්න බෝඩිම කියලා.

 ඒ ගොඩනැගිල්ලේ එක්තරා පුංචි කාමරයක ලලිත් මනෝරි තනි වුණා. ඒ වෙනකොට තම එකම ගැලවුම්කාරයා ලෙස විශ්වාස කරගෙන හිටිය ලලිත් මනෝරිට තුරුළු වුණා.

 මගේ වාසනාවට අයියා හම්බුණේ නැත්නම් මට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ.

 මනෝරි කෙඳිරුවා.

 ඔයා පුදුම ලස්සන කෙල්ලක්. මං ඔයාට හොඳ රස්සාවක් හොයලා දෙන්නම් ඔයාට ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන්.

 ලලිත් මනෝරිව තව තවත් ග‍්‍රහනය කර ගනිමින් කියන්නට වුණා. කොහොම කොහොම හරි මේ පුංචි කාමරේ ඇතුළේ බොහෝ දේ සිද්ධ වුණා. ඒ වෙනකොට මනෝරිගේ තරුණ හැ`ගීම් අවදිවෙලා තිබුණෙ. පුංචි කාලෙ ඉඳලා ආරක්‍ෂා කර ගත්ත හැම දෙයක්ම පැය කීපයකට උඩදී දැන හඳුනා ගත්ත ලලිත් වෙනුවෙන් පූජා කරන්න තරම් මේ මෝඩ කෙල්ල පරිත්‍යාගශීලි වුණා.

 අනේ අයියේ මට දැන් ඔයාගෙන් තොර ලෝකයක් නැහැ. මගේ හැම දෙයක්ම මං ඔයා වෙනුවෙන් පූජා කරල ඉවරයි. මට ආයේ ගෙදර යන්න බැහැ. මනෝරි ලිලත්ට තුරුළුවෙමින් කිව්වා.

 ඔයාට බඩගිනිත් ඇතිතේ මං කෑම ටිකක් අරගෙන එනන්ම් එතකල් ඔයා මේ කාමරේට වෙලා දොරත් වහගෙන ඉන්න. ලලිත් මනෝරිව පුංචි කාමරේ තනි කරලා පිටවුණා. විනාඩි පහළොවකට විතර පස්සේ කාමරේ දොරට ගහන්න වුණා මනෝරි දොර විවෘත කළේ ලලිත් ආව කියල හිතාගෙන.

 ඒත් මහා රස්තියාදුකාරයෝ තුන්දෙනෙක් කාමරේ දොරකඩ. තමන් අනතුරකට ලක්ව ඇති බව ක්‍ෂණයකින් තේරුම් ගත් මනෝරි විලාප තියලා කෑ ගැසුවා.

 මනෝරිගේ මොකක්දෝ වාසනාවකට ඒ වෙලාවේ පිටකොටුව පොලිසියේ නිලධාරීන් දෙන්නෙක් මේ හෝටලය අසල රාජකාරියකට ඇවිත් හිටියා.

 වහාම ක‍්‍රියාත්මක වෙච්ච පොලිස් නිලධාරීන් මනෝරිව බේරාගෙන අර සල්ලාලයො තුන්දෙනත් අත්අඩංගුවට ගත්තා. විමර්ශන පවත්වපු පොලිසිය මනෝරිගේ ජීවිතේ විනාශ කරපු ලලිත් නීතියේ රැුහැනට නතු කර ගත්තා. වැඩිහිටියන්ගේ අවවාද පිළිනොගෙන හිතුමතේ කටයුතු කරපු මනෝරිගේ ජීවිතේ විනාශ වුණේ ඔය විදිහටයි.

 රණදේව

advertistmentadvertistment