ඉරාක කෝකියා විශාල සුප් බඳුනට වැටී මිය යයි

476

 ඉරාකයේ විවාහ මංගල්‍යයක් සඳහා චිකන් සුප් සෑදීමේ යෙදී සිටි කෝකියෙක් එම සුප් අඩංගු විශාල ලී බඳුනට වැටී මරුමුවට පත් වී ඇත’ ඉසා ඉස්මයිල් නමැති මෙම 25 හැවිරිදි කෝකියාගේ සිරුර සියයට 70ක්ම පිළිස්සි තිබූ බව වෛද්‍යවරු පැවසූහ’ දරුවන් තිදෙනකුගේ පියකු වූ ඉස්මයිල් එම විශාල සුප් බඳුනට වැටුණේ කෙසේදැයි හෙළි වී නැත’ අට වසරක් තිස්සේ කෝකියකු ලෙස කටයුතු කරන ඉස්මයිල් විවාහ මංගල්‍ය උත්සව සඳහා විශාල ලී බඳුන්වල සුප් සෑදීම ගැන ප‍්‍රසිද්ධියට පත්ව සිටි අයෙක් බව වාර්තා වේ’


advertistmentadvertistment