ඉරානයට සම්බාධක පනවන්නැයි ඊශ්‍රායලය රටවල් 32කින් ඉල්ලයි

707

ඉකුත් සති අන්තයේ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ මිසයිල වැඩසටහන සඳහා සම්බාධක පනවන ලෙස ඊශ්‍රායල විදේශ කටයුතු ඇමැතිවරයා විසින් ලොව පුරා රටවල් 32කින් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ‘එක්ස්’ (කලින් ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සටහනක් තබමින් ඊශ්‍රායල විදේශ කටයුතු ඇමැති ඊශ්‍රායල් කාට්ස් පවසා ඇත්තේ තමා ඉරානයට එරෙහිව දේශපාලන ප්‍රහාරයක් දියත් කිරීමට පෙරමුණ ගෙන ඇති බවයි.

ඉරානයේ මිසයිල වැඩසටහනට සම්බාධක පැනවීමෙන් හා ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය භට සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් ඉරානය දුර්වල කළ හැකි බව ඊශ්‍රායල විදේශ කටයුතු ඇමතිවරයා පවසා තිබේ. “තවත් ප්‍රමාද වීමට පෙර ඉරානය දැන්ම නැවැත්විය යුතුයි” ඔහු සිය සටහනෙහි සඳහන් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment