ඉරානයේ බස් රථ අනතුරකින් පාකිස්තාන වන්දනාකරුවෝ 28ක් මරුට

257

ඉරාකයේ ශුද්ධ නගරයක් සේ සැලකෙන ‘කාබාලා’නගරය වන්දනාමාන කිරීම සඳහා යමින් සිටි පකිස්තාන වන්දනාකරුවන් පිරිසක් ගමන්ගත් බස් රථය පෙරේදා (20දා) ඉරානයේ මාර්ගයක දී පෙරළී යෑමෙන් එහි ගමන්ගත් වන්දනාකරුවන් 28දෙනකු මිය ගොස් ඇති අතර තවත් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ රථයේ ඉරාන වන්දනාකරුවන් 53දෙනකු ගමන් ගනිමින් සිට ඇත. අදාළ බස් රථයේ තිරිංග (බ්‍රේක් ) පද්ධතියේ හටගත් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එය අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අනතුරෙන් පිරිම්න් 17දෙනකු හා කාන්තාවන් 11දෙනකු මියගොස් ඇති අතර තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිසෙන් 7දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව එම මාධ්‍ය කියයි. අරාබිකරයේ වන්දනා සමය යෙදී ඇති මෙම දිනවල ශියා මුස්ලිම්වරුන් මිලියන ගණනක් මෙසේ වන්දනාව සඳහා ඉරානය හරහා සිය ගමනාන්තය වෙත ගමන් කිරීමට පෙළඹී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment