ඉරාන ජාතික තරුණියට සම්බාහන සේවකයා අතවර කරලා

580

කෑගල්ල, රඹුක්කන පාර ආයුර්වේද සම්බාහන ආයතනයක් තුළදී ඉරාන ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන එම ආයතනයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. ලිංගික අතවරයට ලක්වූ ඉරාන ජාතික තරුණිය තවත් ඉරාන ජාතිකයන් කීප දෙනකු සමග ආයුර්වේද සම්බාහනය සඳහා රන්දෙණිය ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ ඇති අතර එහිදී ඇය සම්බාහනය කිරීම සඳහා සැකකරුට අවස්ථාව ලැබී ඇති බව පොලිසිය පවසයි. එහිදී සැකකරු එම තරුණිය සම්බාහනය කිරීමේ කුටියකට කැඳවා සම්බාහනය කරන මුවාවෙන් එම කාන්තාවට විවිධ ලිංගික අතවර සිදුකළ බවට එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි. මෙසේ ලිංගික අතවර කර ඇත්තේ අවුරුදු 24 ක ඉරාන ජාතික තරුණියකට බව පොලිසිය කියයි.

කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment