ඉරාන තානාපතිට පහර දුන් ව්‍යාපාරිකයා – හෙට තෙක් යළි රිමාන්ඩ්

143

ඉරාන ශ්‍රී ලංකා තානාපති අලිරේකා ඩෙල්කොස් මහතාට පහරදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන බුවනෙක මහසෙන් බස්නායක නමැත්තා ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (20දා) නියෝග කළේය.

සැකකාර ව්‍යාපාරිකයා නූගත් ගැමියකු නොව දැන උගත් ව්‍යාපාරිකයකු වන බැවින් ඉරාන තානාපතිවරයාගේ නිල වාහනයේ සවිකර ඇති රාජතාන්ත්‍රික ලාංඡනය පිළිබඳව ඔහුට දැනුමක් තිබිය යුතු බවත් එවන් රාජ්‍ය තාන්ත්‍රිකයකුට පහරදීමෙන් අප රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ අයහපත් ආකල්පයක් ඇති විය හැකි බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළේය.

මේ වනවිට කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භ කර ඇති බවත් විමර්ශන අවසන් වනතුරු සැකකරු ඇප මත මුදා නොහරින ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර්වරයා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment