ඉරාන තානාපතිට පහර දුන් සැකකරු රිමාන්ඩ්

252

කොළඹ කොම්පඤ්ඤවීදියේ රථ ගාලක් අසලදී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයාට පහර දුන් බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉරාන තානාපති ඩෙල්කොෂ් මහතා ‘සිටි මධ්‍යස්ථානය’ අසල පිහිටි රථ ගාලයේ සිය වාහනය නතර කළ අවස්ථාවේ එහි සිටි වෙනත් වාහනයක රියැදුරෙකු ඔහුට බැනවැදී පහරදී ඇති අතර මේ බව හෙතෙම පොලිසියට දැනුම්දී ඇත.

පොලිසිය පැමිණෙන තෙක් ඉවතට නොයන ලෙස පවසා තානාපතිවරයා සැකකරුගේ වාහනයේ බොනට්ටුවට අත තබාගෙන සිටියදී එය නොතකා සැකකරු ඔහුගේ වාහනය පණගන්වාගෙන තානාපතිවරයාවත් ඇදගෙන මීටර් 15ක් පමණ දුරට ගොස් ඇති බවද පොලිසිය කියයි.

තානාපතිවරයා සැකකරුගේ වාහනයේ බොනට්ටුව උඩට වැටී ඇතත් ඔහුට තුවාල සිදුවී නැත.

මෙම පහර දීමට සම්බන්ධ බුවනෙක බස්නායක මහසෙන් නමැත්තා අද (20) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ අලුත්කඩේ අංක 2 මහෙස්ත්‍රාත්වරයා ඊයේ (19දා) නියෝග කළේය. කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ අජිත් පතිරණ යන මහත්වරු පෙනී සිටියහ.

නෝමන් පලිහවඩන, ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment