ඉරාන යුද්ධයෙන් බොරතෙල් රන් මිලත් නගියි

161

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තාවීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් හා රන් මිල කැපී පෙනෙන ලෙස වැඩිවී ඇත.

ඊයේ (19දා) උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි “බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා සියයට තුනකින් (3%) වැඩි වූ අතර රත්‍රං අවුන්සයක මිල දැක්වූයේ ඩොලර් 2400ක් ලෙසටය. මෙම මිල වැඩිවීම මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වේ.

තවද මැදපෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළෙහි අයෝජකයන් දැඩි විමසිල්ලකින් පසුවන අතර ජපානය, හොංකොං හා දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇති බවද වාර්තා වේ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment